*
Tuesday, March 19, 2024
spot_img

Latest Posts

සිපෙට්කෝ පිරවුම්හල් විදෙස් සමාගම්වලට දෙන යෝජනාව අද කැබිනට්ටුවට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල් 1690ක් සුදුසුකම් ලත් විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් අද (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අවම වශයෙන් මාස හයක හෝ අවුරුද්දක කාලයක් ණය ක්‍රමයක් යටතේ මෙරටට ඉන්ධන ආනයනය කිරීමේ කොන්දේසිය යටතේ විදෙස් සමාගම්වලට මෙසේ ඉන්ධන පිරවුම්හල් ලබාදීමට මෙම කැබිනට් පත්‍රිකාවෙන් යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

එමෙන්ම ඉන්දියානු IOC සමාගමත් නව ඉන්ධන පිරවුම්හල් 50ක් ස්ථාපිත කිරීම සඳහා රජයෙන් ඉල්ලා ඇති අතර ඛනිජ තෙල් සංස්ථාව සතු පිරවුම්හල් කිහිපයක් ද එම සමාගමට දීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan