*
Friday, October 18, 2024
spot_img

Latest Posts

නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීමේ කිසිම සූදානමක් නෑ – වරාය ඇමති

දැනට ඉදිකරමින් පවතින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ එහි මෙහෙයුම් කටයුතු 100% ක් වරාය අධිකාරිය සතුවන බවත් කිසිදු හේතුවක් මත එය පෞද්ගලීකරණය කිරීමේ අදහසක් නොමැති බවත් වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

අමාත්‍යවරයා හා වරාය අධිකාරියේ නිලධාරීන් ඉදිවෙමින් පවතින ECT පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවෙන් පසු මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින්, මෙලෙස ප්‍රකාශ කළේ ය.

ඉදිවෙමින් පවතින මෙම පර්යන්තය පෞද්ගලික අංශයට දීමට තැත් කරන බවට පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් සමහර වෘත්තීය සමිති හා පුද්ගලයින් විසින් වගකීම් විරහිත ප්‍රකාශ කළද, වරාය සතු මෙම ආර්ථික වශයෙන් වටිනා මූලෝපායික සම්පත්, පවතින විදේශ විනිමය අර්බුදය මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු, මූල්‍ය සම්පත් වලින් ඉලක්කගත පරිදි 2024 වර්ෂය වන විට ඉදිකර අවසන් කරන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.

එමෙන්ම, කිසිදු හේතුවක් නිසා ඉදිකිරීම් පමා කිරිමට අදහසක් නොමැති අතර, මෙම පර්යන්තයේ ඉදිකිරීම් තුළින් දැනට මෙහෙයවන නෞකා ප්‍රමාණයට වඩා වැඩි විශාල නෞකා ප්‍රමාණයක් මෙහෙයවීමට හැකිවීම නිසා කොළඹ වරායේ බහලු මෙහෙයුම් හී වර්ධනයක් ඇතිවීමත් වඩාත් කාර්යක්ෂම වරායක් ලෙසින් ජාතික ආර්ථීකයට දැනට දක්වන දායකත්වයට වඩා වැඩි දායකත්වයක් සැපයීමට හැකි වන බවත් මෙහිදී තොරතුරු හෙළිදරව් විය.

නැගෙනහිර පර්යන්තය පුද්ගලික අංශයට විකිණීමට වර්තමාන රජය කටයුතු කරමින් සිටින බවට සමහර වෘත්තිය සමිති තමන්ගේ පටුදේශපාලන වාසිතකා ප්‍රකාශ කළද වරාය වෘත්තිය සමිති සමග පැවති සාකච්ඡාවලදී නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය සතුව තබාගන්නා බවට තමන් සෘජුව ප්‍රකාශ කළ පසුත් දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ සමහර වෘත්තීය සමිති දිගින් දිගටම මෙම සාවද්‍ය මතය සමාජගත කිරීම කණගාටුවට හේතුවක් බව අමාත්‍යවරයා පැවසීය.

දැනට ඉදිකොට ඇති පර්යන්තය සම්පූර්ණයෙන් ඉදිවූ පසු මීටර් 1200 කින් යුක්ත වීමට නියමිතය. එහි පර්යන්ත අද්දර ගැඹුර මීටර් 18 කි.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan