කොවිඩ්වලට වඩා මිනිස්සු අන්ත අසරණ වෙලා.සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න ක්‍රමයක් හදන්න – GMOA(VIDEO)

Date:

මේ වන විට කොවිඩ් වලට වඩා අන්ත අසරණ තත්ත්වයකට රටේ ජනතාව පත්ව සිටින අතර එවැනි තත්ත්වයකට අපේ රට පත් විය යුතු නැති බවත් වහං සෞඛ්‍ය සේවය පවත්වාගෙන යා හැකි වැඩපිළිවෙලක් දේශපාලන අධිකාරිය විසින් සකස් කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේය.

ඒ, ඉන්ධන හා ඖෂධ හිඟය හේතුවෙන් සෞක්‍ය සේවය මුහුණ දී සිටින අර්බුදකාරී තත්ත්වය ගැන අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙම ඉන්ධන හා ඖෂධ හිඟය හේතුවෙන් රෝහල කිහිපයක කටයුතු අඩාල වී තිබෙන බවයි කොළඹගේ මහතා පැවසුවේ.

සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටුණොත් රටම බිඳ වැටෙන බව දේශපාලන අධිකාරිය වැටහ ගත යුතු අතර මෙහිදී වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාව ඉල්ලනවා නොව සමස්ත සෞඛ්‍ය සේවයම පවත්වාගෙන යාමට වැඩපිළිවෙලක් හදිය යුතු බව ඔහු සඳහන් කරන ලදී.

නමුත් ප්‍රමුඛතාවට අවශ්‍ය වැඩපිළිවෙල සකස් වී නොමැති අතර එමඟින් සමස්ත රෝගීන්ගේ ජීවිත අර්බුදයට ලක්ව තිබෙන බවත් මෙහි වගකීම දේශපාලන අධිකාරිය සහ රජය භාරගත යුතු බවත් කොළඹගේ මහතා අවධාරණය කළේය.

පවතින ඉන්ධන සහ ඖෂධ හිඟය නිසා ඉතාම ප්‍රවේශමෙන් ජීවත් වෙන්න කියන පණිවිඩය තමයි ජනතාවට දෙන්න තියෙන්නේ. ඖෂධ නාස්ති කරගන්න එපා.මේ වෙලාවේ යම් හෝ අනතුරක් සිද්ධ වුණොත් ප්‍රවාහන පහසුකම් සපයා ගන්න බැරි වේවි. වෛද්‍යවරුන්ට වගේම රෝහල් කාර්යමණ්ඩලයටත් ප්‍රවාහන පහසුකම සපයා ගන්න බැරි තත්ත්වයක් තිබෙනවා.
දරුවන්ව ආරක්ෂා කරගන්න. දැනට තිබෙන ඖෂධ ප්‍රමාණවත් නැහැ.හදිසි අවස්ථාවක කඩිනමින් රෝහල්ගත වෙන්න අවශ්‍ය ප්‍රවාහන කටයුතු සකසා ගන්න.විශේෂයෙන් ගැබිණි මව්වරු, කුඩා දරුවන් රෝහල් ගත වීම සඳහා ප්‍රවාහන පහසුම්කම් සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර පෙර සුදානමකින් පසුවෙන්න.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් ගුවන් අනතුරක් 99න් බේරෙයි:මගීන් 191 දෙනා දැඩි අපහසුතාවට!

රෂිකා හෙන්නායක ජූනි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ෂැන්හයි නුවර...

පත්තර මහගෙදර ලංකාදීපයටත් සෙනසුරු දසාව ලබලා !

අවුරැද්දකට අධික කාලයක සිට විජය පුවත්පත් සමාගමේ පවතින සේවක...

නවක වදය ගැන අදාල නිලධාරින්ට අගමැතිනිගෙන් උපදෙස්!

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW : විශ්වවිද්‍යාල පද්ධතියේ සහ...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට මාස හයක සිර දඬුවමක් පැනවේ

සටහන: සශිකලා මධුෂාණිජුලි 03; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හිටපු අගමැතිනි ෂෙයික්...