G7 නායකයන් රුසියානු රත්රන් ආනයනය තහනම් කරයි

Date:

පසුගිය වසරේ ඔවුන් රත්රන් අපනයනයෙන් පවුම් බිලියන 12.6ක් (ඩොලර් බිලියන 15.45ක්) උපයා ඇත.

රුසියාව සඳහා ඩොලර් බිලියන දස දහස් ගණනක් උපයා දෙන ප්‍රධාන අපනයනයක් වන රුසියානු රත්‍රන්, ලෝකයේ ධනවත්ම ජාතීන් විසින් ප්‍රතික්ෂප කර ඇති බව මියුනිච් හි පැවැත්වෙන ජී 7 සමුළුව අතරතුර ජෝ බයිඩන් සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශය අඟහරුවාදා (28) ප්‍රකාශයට පත් කරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ රන් තහනම “රුසියානු කතිපයාධිකාරීන්ට සෘජුවම පහර දෙන අතර පුටින්ගේ යුද යන්ත්‍රයේ හදවතට පහර දෙනු ඇති” බවයි.

පසුගිය වසරේ ඔවුන් රත්රන් අපනයනයෙන් පවුම් බිලියන 12.6ක් (ඩොලර් බිලියන 15.45ක්) උපයා ඇත.

ඊයේ (26) ඇරඹි පළමු සැසිය තුළ ගෝලීය ආර්ථිකය කෙරෙහි අවධානය යොමු කරන අතර යුක්රේනයේ ගැටුම උද්ධමනය සහ බලශක්ති මිල ගණන් ඉහළ යාම පිළිබඳ සාකච්ඡා කොට තිබේ. ඒ අනුව යමින් මෙම තීරණය ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

රුසියාවට විදේශ මුදල් සංචිතවලට ප්‍රවේශය අවහිර කිරීම සඳහා එහි මහ බැංකුවේ වත්කම් කැටි කිරීම ඇතුළුව, එහි මූල්‍ය ඉලක්ක කර ගනිමින් බටහිර ජාතීන් මොස්කව් වෙත පුළුල් සම්බාධක පනවා ඇත. තවද මොස්කව් සඳහා අත්‍යවශ්‍ය අරමුදල් ප්‍රභවයක් කපා හරිමින් වසර අවසන් වන විට රුසියානු තෙල් ආනයනයෙන් සියයට 90ක් කපා හැරීමට යුරෝපීය සංගමයේ නායකයෝ මේ මස මුලදී එකඟතාව ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කර තිබේ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...