22 ට ජනපතිගෙන් අදත් සංශෝධනයක් – අගමැති, විපක්ෂ නායක බලතල කප්පාදු කිරීමට යෝජනාවක්

Date:

පසුගිය සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමත කරන ලද 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනාධිපතිවරයාගෙන් අද තවත් සංශෝධනයක් ඉදිරිපත් වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ජනාධිපතිවරයා ඉදිරිපත් කරන සංශෝධනද සමගින් අද කැබිනට් රැස්වීමේදී 22 සඳහා යළිත් අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

ව්‍යවස්ථාදායක සභාව පත් කිරීමට අදාලවයි ජනාධිපතිවරයා නව සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන්නේ. ව්‍යවස්ථාදායක සභාව සඳහා සිය නියෝජිතයෙකු පත් කිරීමට අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකයාට අවස්ථාව හිමිවන අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නව සංශෝධනයට අනුව අගමැතිවරයාට සහ විපක්ෂ නායකයාට සිය නියෝජිතයා පත් කිරීම සඳහා තිබෙන බලය අදාල සංශෝධන හරහා කප්පාදු කිරීමට නියමිතය.

නව ව්‍යවස්ථා සංශෝධනය හරහා 19 වැනි සංශෝධනය යළිත් බලාත්මක කරන බවට ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළ නමුත් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලය අනුමත කළ 22 වැනි සංශෝධනය ඊට හාත්පසින්ම වෙනස් බවයි වාර්තා වී තිබුණේ. මුලින් ඉදිරිපත් කළ සංශෝධන කෙටුම්පතට අනුව අගමැතිවරයා ඉවත් කිරීම, අමාත්‍යංශ දැරීම, අමාත්‍යංශ පවරා ගැනීම ආදී කරුණු සඳහා ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කිරීමට යෝජනා කර තිබූ නමුත්, එම කරුණු ඉවත් කිරීමට තීරණය කර තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරිනාමවාදයේ පියාගෙ නමට නම් කළ ඩාර්වින් වෙත යන ශ්‍රී ලංකා ඒ කණ්ඩායම

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: පරිනාමවාදය පිළිබඳව ලොවට ඉදිරිපත්...

බස් ගාස්තු ගැන තීරණයක්?

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : මේ වන විට...

එළඹ ඇත්තේ හොඳම කාලයයි – මැතිවරණ කොමසාරිස්

රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ LNW : ප්‍රධාන මැතිවරණ තුනකට...