පැහැරහැරි බිලියන 5.8ක බදු මුදල් වහාම ගෙවා අවසන් කරන්න – ඇලෝෂියස්ට නියෝගයක්

සටහන – රුවන් නෙළුගොල්ල

ගෙවීම් පැහැරහැර ඇති බව කියන රුපියල් මිලියන 5800ක වැට් බදු මුදල වහාම ගෙවා අවසන් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සහ සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස්ට නියම කර තිබේ.

ඒ, එම නඩුව ඊයේ (26) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ය.

එහිදී අර්ජුන් ඇලෝෂියස් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ හිඟ බදු මුදලින් කොටසක් මේ වනවිටත් ගෙවා ඇති බවත් මේ වනවිට විත්තිකාර සමාගමේ දේපළ තහනමට ගෙන අදාළ දේපොළ බැංකුවලට සින්නවී ඇති බැවින් මුදල් ගෙවූ ලේඛන සොයාගැනීමට නොහැකි වී ඇති බවත් ය.

එහෙත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පැවසුවේ අදාළ බදු මුදල් ගෙවා තිබේ නම් ඊට අදාළ ලේඛන ඉදිරිපත් කළ යුතු බවත් අදාළ ලේඛන සොයාගැනීමට නොහැකි බවට ප්‍රකාශ කිරීම නිදහසට කරුණක් නොවන බවත් ය. එසේම බදු ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති නිසාත් විශාල මුදලක් නොගෙවා පැහැරහැර ඇති නිසාත් තවදුරටත් විත්තිකරුට සහනයක් ලබාදීමට නොහැකි බවත් ඔහු සඳහන් කළේය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විත්තිකාර සමාගම විසින් බදු මුදල් ගෙවිය යුතු කාලය ඉක්මවා ගොස් ඇති බැවින් වහාම එම බදු මුදල ගෙවා අවසන් කරන ලෙස නියම කළ අතර බදු මුදල් නැවතත් ප්‍රමාදයකින් තොරව ගෙවන්නේද නැද්ද යන්න පිළිබඳව ඉදිරි නඩු දිනයේදී ස්ථිර ලෙස කරුණු දක්වන ලෙසත් නියම කළේය.

නඩුව සැප්තැම්බර් 30 වනදා යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...

පාස්කු ප්‍රහාරය : හිටපු ජනපති ගෝඨාභයට එරෙහි විමර්ශන ප්‍රබල තත්වයක – දිලීප අධිකරණයට දැනුම් දෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව සිදුකරන...