අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට පත්ව සිටින චරිත් අබේසිංහ නම් පුද්ගලයාට මීට මාස දෙකකට පමණ පෙර ටිල්වින් සිල්වා මහතා විසින් දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවටත් ජනාධිපතිවරයා හමුවීමට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බවටත් සමගි ජන බලවේගයේ ගම්පහ සංවිධායක වරුණ රාජපක්ෂ නමැත්තා විසින් සිදුකර ඇති ප්රකාශය මුළුමනින්ම අසත්ය බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
නිල නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ මාධ්ය ඒකකය පවසා ඇත්තේ වරුණ රාජපක්ෂ නැමැත්තා ලවා මෙබඳු අතේ රෝලක් මාධ්ය හමුවේ කියවීමට තරම් නිවට තත්වයකට සමගි ජන බලවේගය වැනි පක්ෂයක් වැටී තිබීම කණගාටුදායක බවයි.
අසත්ය ප්රකාශ සිදු කරමින් තම පක්ෂයට අවලාද නැගීමට සමගි ජන බලවේගයේ ඇතැමුන් දරන උත්සාහය දැඩිව හෙළා දකින අතර මෙම සාවද්ය ප්රකාශයට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ද ජනතා විමුක්ති පෙරමුණේ මාධ්ය ඒකකය අවධාරණය කර ඇත.



