සටහන: සශිකලා මධුෂාණි
ජුනි මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රිච්ටර් මාපකයේ 7.2 ක් සහ රිච්ටර් මාපකයේ 7.5 ක් ලෙස සටහන් වූ ප්රබල භූමිකම්පා දෙකකට ලක් වීමෙන් අනතුරුව වෙනිසියුලාව ඊයේ(26) රාත්රියේ නැවත රිච්ටර් මාපකයේ 4.9 ක භූමි කම්පාවකට මුහුණ දී තිබේ.
භූමිකම්පා නිරීක්ෂණ සංවිධානයක් වන EMSC සමාජ මාධ්ය සටහනක සඳහන් කළේ උතුරු වෙනිසියුලාවේ මරකේ සිට කිලෝමීටර් 61ක් (සැතපුම් 36ක්) වයඹ දෙසින් නවතම භූමිකම්පාව සිදුවී ඇති බවයි.
අමතර තොරතුරු තවමත් වාර්තා නොවන අතර සිකුරාදා ඇති වූ භූමිකම්පාවෙන් ඇති වූ කම්පන මරකේ සහ කැරකස් හි දැනුණු බව ප්රාදේශීය සාක්ෂිකරුවන් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.
බදාදා(24) සවස රට තුළ ඇති වූ බලවත් භූමිකම්පා යුගලයකින් අවම වශයෙන් පුද්ගලයින් 920 දෙනෙකු මිය ගොස් කැරකස් අගනුවර සමහර ප්රදේශ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
මරණ සංඛ්යාව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, එක්සත් ජනපද භූ විද්යා සමීක්ෂණ ආයතනය ඇස්තමේන්තු කර ඇත්තේ තුවාල ලැබූ සංඛ්යාව 10,000 ඉක්මවිය හැකි බවයි.
මේවන විට වාර්තා වී ඇති පරිදි පුද්ගලයින් 3,360 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 172 කට වැඩි පිරිසක් සුන්බුන් යට සිරවී සිටින බව විශ්වාස කෙරේ,
කෙසේ නමුත්, වෙනිසියුලානු රජයට අනුව අතුරුදහන් වූවන්ගේ සංඛ්යාව 50,000 ඉක්මවා ඇත.

