ඔන්න අපි රාජ්‍ය සේවකයින්ට ගෙවීමේ ක්‍රමයට හාල් කිලෝ 20ක් දෙන්නයි හදන්නේ – ඇමති වසන්ත

රාජ්‍ය සේවකයින් සඳහා ගෙවීමේ ක්‍රමයට සහල් කිලෝ 20ක් ලබාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

“ඔන්න රාජ්‍ය සේවකයන්ට හාල් කිලෝ 20ක් දෙන්න හදන්නේ අපි. යෝජනාවක් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන්. රාජ්‍ය සේවකයන්ට ටිකක් සහන මිලට හාල් කිලෝ 20ක් දෙනවා. 10 පැකට් දෙකක්, කැකුළු සහ නාඩු. ගෙවීමේ ක්‍රමයට. වවුචර් එකක් දෙනවා, සතොසෙන් සමූපකාරයෙන් ගන්න පුළුවන්. ගොවියගේ බත් ටික කන්න එපැයි හැමෝම. ආණ්ඩුව ගන්න වී ටික කොටලා දාන්න සැලැස්මක් හදලා තියෙන්නේ”

වසන්ත සමරසිංහ අමාත්‍යවරයා මේ බව පැවසුවේ අනුරාධපුරය – විජයපුර භාතිය මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් ඊයේ (26) පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. නමුත් එම සේවාවන් සැපයීම සඳහා වැය වන මුදල අධිකයි” – ජනපති අනුර

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ රාජ්‍ය...

දින තුනකට ප්‍රමාණවත් ආහාර හා ජලය නිවෙස්වල තබාගන්නැයි බ්‍රිතාන්‍යය රජය උපදෙස් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : හදිසි...

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...