ගිනියම් සිංහාසනයේ සැබෑ රැජින! Emma D’Arcyට සුබ උපන්දිනයක්! 

සටහන – පුලී

ජූනි 27, LNW (කොළඹ): “ගිනිවලින් බිහි වූ රැජිනක්… ඉතිහාසය වෙනස් කළ උරුමක්කාරියක්… ඒ මුහුණට ජීවය දුන් ඇය නමින් Emma D’Arcy!”

House of the Dragon ලෝකයේ රැජිනක් වීම යනු ඔටුන්නක් පැළඳීම පමණක් නොවේ. එය ආදරය, පාවාදීම, යුද්ධය, පවුල, බලය සහ කැපකිරීම්වල බර උසුලන ජීවිතයකි.

එම සියල්ල එක් චරිතයකට එක් කරමින් Rhaenyra Targaryen අප ඉදිරියේ සැබෑ මනුෂ්‍යයෙකු ලෙස පෙනී සිටියේ Emma D’Arcyගේ අසමසම රංගන කුසලතාවය නිසාය.

නිහඬ බැල්මකින් වේදනාව පෙන්වන්නත්,

එක් වචනයකින් රාජකීය අණක් නිකුත් කරන්නත්,

එක් කඳුළකින් මුළු රාජවංශයකම බිඳවැටීම දැනෙන්නත්…

ප්‍රේක්ෂකයාට දෙන්න! Emma සමත් විය.

Rhaenyra යනු පරිපූර්ණ වීරවරියක් නොවේ.

ඇය වැරදි කළා, ඇය ආදරය කළා, ඇය සටන් කළා, ඇය තම උරුමය වෙනුවෙන් ලේ වැගිරුවා!

ඒ හැම මොහොතක්ම අපගේ හදවත් වෙත ගෙන ආවේ Emmaගේ සංවේදී, බලවත් සහ අමතක නොවන රංගනය තුළින් වීම අප කාටත් අමතක කළ නොහැකි තැනක්!

අද ඇයගේ 34 වැනි උපන්දිනයයි.

සුබ උපන්දිනයක්, Emma D’Arcy!

ඔබ රඟපෑවේ චරිතයක් පමණක් නොවේ…

ඔබ ජීවය දුන්නේ මකර රැජිනකට!

“The Realm’s Delight.”

“The Black Queen.”

“The One True Heir.”

අපේ හදවත් තුළ ඔබ සැමදාම අපේ එකම මකර රැජිනයි.

Happy Birthday, Emma D’Arcy – Forever Our Queen Rhaenyra Targaryen. 

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රාජාංගනයේ වාන් දොරටු 16ක් විවෘත කරයි.මහවැලි ගඟ ආශ්‍රිතවත් සුළු ගංවතුර අවදානමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රාජාංගන ජලාශයේ වාන් දොරටු 16ක් විවෘත කර...

බ්‍රසීල නායකයාගේ ඓතිහාසික ජයග්‍රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්!

කොළඹ LNW:සිව්වන වරටත් බ්‍රසීලයේ ජනාධිපතිවරයා ලෙස පත්වූ හිටපු ජනාධිපති...

ගැඹුරු පීඩන අවපාතය ‘ARNAB’ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි – කාලගුණයෙන් රතු නිවේදනයක්

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්‍යම සහ ඊට යාබද...