*
Friday, September 20, 2024
spot_img

Latest Posts

සහය දිවීමට සහය විය යුතුය -රිට්ස්බරි සහය දිවීමේ පසුවදන

රිට්ස්බරි පාසල් සහය දිවීමේ සූරතාවලියේ බාලිකා සූරතාවය වලල ඒ රත්නායකය දිනා ගනිද්දී බාලක සූරතාවය මිගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය දිනා ගත්තේය.අප ඊයේ කළ විමසීමේදී ද මෙම විද්‍යාල දෙක ගැනම සඳහන් කළ අතර අවසානයේ සමස්ත සූරතාවයන් වලල සහ මාරිස්ටෙල්ලාවට හිමිව ඇත.
වලල සමස්ත බාලිකා සූරතාවට අමතරව වයස් කාණ්ඩ සූරතා ලෙස අවුරුදු අවුරුදු 20 න් පහළ බාලිකා සූරතාවය ද,අවුරුදු 16 න් පහළ සහ 18 න් පහළ බාලිකා තෙවන තැනද දිනා ගත් අතර අවුරුදු 18 න් පහළ බාලක තෙවන තැනේ උරුමයද වලල සතු විය.මාරිස්ටෙල්ලා විද්‍යාලය අවුරුදු 16 න් පහළ සහ අවුරුදු 18 න් පහළ බාලක සූරයෝ වූහ.

සමස්ත බාලිකා අනු සූරතාවය වත්තල ලයිසියම් සතු වී ඇති අතර තෙවැනි තැන අඹගමුව මධ්‍ය මහා විද්‍යාලයට හිමි විය.බාලක අනු සූරතාවය සඳහා කලකට පසු මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ප්‍රවේශය මෙන්ම තෙවන තැනට කොළම ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පිවිසුම ද වැදගත්ය.
අප ඊයේ කතා කළ ආකාරයටම අලුත් ප්‍රවනතාවන් දැකීමට ඇත.ඒ අලුත් මුහුණු අලුත් දේ කරන්නට උත්සාහ කිරිම නිසාය.පාසල්වලට හඳුන්වා දුන් පුහුණුකරුවන්ගේ වෘත්තීය වගකීම් පුළුල් කිරීම මෙන්ම ඔවුන්ගේ දැණුම දියුණු කිරීමත්,පර්යේෂණ අවකාශ පළල් කර දීමත් වැදගත්ය.අඩුම තරමේ මේ පුහුණුකරුවන්ගේ දක්ෂතා ඇගයීමට හෝ සමාලෝචනයට විද්වත් කමිටුවක් තිබීම වැදගත් අතර යම් යම් පසුබෑම් සඳහා හේතුවන කාරණා නිර්ලෝඵිව කියා දෙන කණ්ඩායමක් නිල වශයෙන් සිටීම ද වැදගත් වනු ඇත.
තරගාවලිය පුරා ප්‍රතිපල සහ නැරඹීමට ලැබුණු ඉඩ තුළ පැහැදිළි වූයේ තරගකාරීත්වය,පුද්ගල සහභාගීත්ව ඉහළ ගොස් ඇති තරමට දක්ෂතා පලදායී මට්ටමෙන් ඉහළ නැඟීමේ සම්භාවිතාව එතරම් විශාල නැති බවය.සමහර තරුණ දක්ෂතා ඒ මොහොතට සාපේක්ෂව ජාත්‍යන්තර ජයග්‍රහණ සේ වාර්තා වුව ද,තව දුරටත් වර්ධනය සහ ඊට අවශ්‍යය කළමණාකරන මැදිහත්වීම සංගම්,ආයතන ලෙස මෙන්ම ස්වයංව තමන්ගේ ශික්ෂණය ඇතුළෙ ද හදා ගැනීම වැදගත් වනු ඇත.

පුහුණුකාරීත්වය යනු අපි දකින හැඩවත්,ඔහු පෙන්වන දෙයවත් නොවන අපට නොපෙනෙන දුරකදී සාක්ෂාත් වන සහ සාර්ථක වන දෙයකි.ඒ නිසා මේ පෙන්වන සාරත්වය තව දුරටත් වර්ධනය වෙන වැඩ පිළිවෙලකට දැණුම සහ අත්දැකීම් සමඟ යාවත්කාලීන විමේ ඉඩ පළල් කර දීම වැදගත්ය.
ලොයෙලා විද්‍යාලය,පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය,මියුසියස් විද්‍යාලය,වැනි පාසල් වයස් ඛාණ්ඩ සූරතා අතරට ඒම වැදගත්ය.එසේම මේ තරගාවලියේ දී දුටු යාවත්කාලීන නොවූ යම් යම් නීතිමය කාරණා අධ්‍යාපන අමාත්‍යංශ මට්ටමෙන්ම වෙනස්වීම වැදගත් බව ද කිව යුතුය.අවස්ථාවන් පළල කිරීම තුළම,දක්ෂතාවන්හී විකාශය ද සිඳුවනු ඇත.විදේශගතව ඉපදුණු දරුවන් මේ රටේදී ඒ උප්පැන්නය නිසා දීවීමට බාධා වන්නේනම් එම තත්ත්වය වෙනස් විය යුතුය.රටක් හැටියට තරුණ දරුවන් මේ රටේ පිටවීම නවතා ගැනීමට උත්සාහ කරමින් සිටින වපසරියක,එරට ඉපිද මෙරට ජීවත්වීම තෝරා ගත් අයෙක්ට මේ කරන හිංසනය රාජ්‍ය තාන්ත්‍රිකව මේ මොහොතේ අවධානය යොමු කරන කාරණාවන්ට ද පටහැනිය.(මේ ගැන වෙනම සටහනක් ඉදිරියේදී ලිවීමට නියමිතය)

ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය එකතු කර වැඩ සටහනක් සැකසුව ද,අද වන විට අධ්‍යාපන අමාත්‍යංශයේම නිලධාරිනියක් ද නියෝජනය කරන ජාතික ක්‍රීඩා සභාවෙන් අධ්‍යාපන අමාත්‍යංශ චක්‍රලේඛ උල්ලංඝනය කරන බවට (එවැනි පුද්ගල නාම නම් කිරීමේ තීරණවලදි එම නිලධාරිණිය ද සහය වන බව ජාතික ක්‍රිඩා සභාවේ සභාපතිවරයා පවසයි) චේදනා එල්ල වීම අතිශයින් බරපතලය.නමුත් මේ තත්ත්වය වෙනස් වී පාසල් මලල ක්‍රීඩා සංගමය,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය,අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය නියෝජනය වන පරිදි ඇති කර ගත් කමිටුවකින් මේ ලංකාවේ සතර අතින්ම පැමිණෙන අනාගත ජයග්‍රහණ සුරැකි සිරුරු ගැන වෙනම අවධානයකින් කතා කළ යුතුය ඇත.

සහනාධාර,සහ ණය සමඟ ආර්ථිකයටම පැලැස්තර අලවන ව්‍යහුයෙන් ඈත්ව මේ රටේ සමාජ නිරෝගිභාවයට,ශක්තිසම්පන්නභාවයට සහ ක්‍රියාශීලීභාවයට ක්‍රීඩාව පදනම් කර ගැනීම ගැන ද සිතිය යුතු වැදගත්ම කාර්යයකි.නිරෝගී කාර්ය සූර ජනතාවක් මෙන්ම ඉන් ඉහළ පිරිස් රටේ කීර්තිය පථල කිරීමට මෙහෙයවීම වැනි කාරණා ද සිතට ගත යුතුව ඇත.නමුත් සිඳු නොවන්නේ එයය.

සහය දිවීමේ මනරම් හැඩ සහ එහි රස රටට දෙන්නට මැදිහත් වූ රිට්ස්බර් අනුග්‍රාහකත්වය ඇතුළු සියල්ලට තමන් ජාතික මෙහෙවරකට දායක වූ බව හරියටම දැනෙන මොහොත එන්නේ,මේ සහය දිවීමේ සූරයන් අතරින් හදුනිගත් සැබෑම සැබෑ දක්ෂයන්ට රටක් හැටියට සහය දක්වන වැඩ පිළිවෙලක් ගැන අවධානය යොමු වූ දාටය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan