මාතලේ සහ මහනුවර පිහාටුමල් කැකුළු පිපෙන දවස් එක සහ දෙක

Date:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති රොහාන් ද සිල්වාගේ අදහසකට සහ අධීක්ෂණයට අනුව ක්‍රියාත්මක වන දිස්ත්‍රික් අවුරුදු 13 න් පහළ බාලක බාලිකා බැඩ්මින්ටන් සංචිත ආරම්භ කිරීම ජූලි පළමුවන දා සහ දෙවන දා ආරම්භ වීමට නියමිතය.


එම කටයුතු මෙහෙයවීම පැවරී ඇත්තේ බැඩිමින්ටන් සංගමයේ උප සභාපතිවරයෙක් වන එහි ප්‍රාදේශිය බැඩිමින්ටන් කළමණාකරණය කිරීමේ වගලකීම පැවරී ඇති රොෂාන් ගුණවර්ධනටය.ඔහුගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් අවුරුදු 13 න් පහළ බැඩ්මින්ටන් සංචිතය ආරම්භ කිරීම කටුගස්තොට ශාන්ත අන්තෝනි ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී ජූලි 1 වන දින පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිතය.


එම දිස්ත්‍රික් සංචිත පිහිටුවීමේ වැඩ සටහන යටතේ මාතලේ දිස්ත්‍රික් සංචිතය ආරම්භ කිරීම යෙදී ඇත්තේ ජූලි 2 වන දින පෙරවරු 10.30 ට ය.ඒ මාතලේ අලුවිහාරේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය කේන්ද්‍ර කරගෙනය.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...