දින පහක් නිවාඩු දීලා ගණුදෙනුකරුවන්ට හානියක් නැහැ කියල කොහොමද කියන්නේ – CBEU

Date:

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකර වෙනත් විකල්ප ක්‍රම වෙත යොමුවෙන ලෙස ආණ්ඩුවට දැනුම් දී තිබෙන පසුබිමක දින පහක නිවාඩුවක් සමඟ සිදුකිරීමට යන දෙයින් ගණුදෙනුකරුවන්ට,තැන්පත්කරුවන්ට කිසිදු හානියක් සිදුනොවන බව ආණ්ඩුව සහතික විය යුතු වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කළේය.

කොළඹදී අද (27) මාධ්‍ය හමුවක් කැඳවමින් එහි ලේකම් රන්ජන් සේනානායක මහතා පැවසුවේ මෙම ප්‍රතිව්‍යුහගතකරණය හරහා ගණුදෙනුකරුවන්ට හෝ තැන්පත්කරුවන්ට හානියක් වීමට ඉඩ නොදෙන බවයි.

”පාර්ලිමේන්තුව තුළ සෑබෑ ජනමතයක් අද නියෝජනය වෙන්නෙ නෑ. ඒ නිසා එහි ගන්න තීන්දු තීරණ ගැන මතයක් නෑ.
මේ දින පහේ නිවාඩුව තුළ පාර්ලිමේන්තුවේ කරන්න යන්නෙ මොකද්ද,මේකෙන් ගණුදෙනුකරුවන්ට හානියක් වෙන්නෙ නෑ මේක කරන්නෙ කොහොමද කියල ආණ්ඩුව දැනුවත් කළ යුතුයි. මූලික වශයෙන් මේ ප්‍රතිව්‍යුහගතකරණයට ලක්වෙන්නෙ භාණ්ඩාගාර බිල්පත් සහ බැදුම්කර. එහිදී බැංකු ගනූදෙනුකරුවන්ට තැන්පතුකරුවන්ට හානියක් වෙන්නෑ, කලබලවෙන්න එපා කියල ආණ්ඩුව කියනවා ගණුදෙනුකරුවන්ට සැක හිතෙන ආකාරයට.”

රජය මෙලෙස ක්‍රියා නොකළ යුතුවන අතර විනිවිදභාවයක් තිබිය යුතුවන බවයි සේනානායක මහතා වැඩිදුරටත් පැවසුවේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර යළි පෙරමුණට

නිශ්මං රණසිංහ පෙබරවාරි 02, කොළඹ LNW: රගර් උණුසුම තදින් දැණුන...

කොස්ටරිකාවේ ජනාධිපතිවරණයෙන් Laura Fernandezට ජයග්‍රහණය…

රෂිකා හෙන්නායක පෙබරවාරි 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2026 වසරේ කොස්ටරිකා...

Browns EV නවතම BAW M8 සුපිරි MPV රථය සුවිශේෂී මිලකට ශ්‍රී ලංකාවේ වෙළඳපොලට හඳුන්වා දෙයි !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන LOLC සමූහය යටතේ...