කොළඹ LNW:ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවක් ඇතිකර ගැනීමට නියමිතව තිබේ.
අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුඅල් සපයා ගැනීම එහි අරමුණ වන අතර එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලබා ගැනීමට අපේක්ෂා කරයි.
මේ සඳහා කැබ්නට් මණ්ඩල එකඟතාවද හිමිව ඇත.
පසුගිය මාර්තු මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය වන අතර ඒ අනුව ඉතිරි ඩොලර් මිලියන 200 සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ලබාදෙනු ඇතැයි රජය බලාපොරොත්තු වෙයි.
ASK