‘දශක හතරක් – අවිරාම සංස්කෘතික වැඩබිමක්” – සුනිල සම්භාෂණය!

Date:

කොළඹ LNW:සාහිත්‍යවේදී,පරිවර්තක,ලේඛක සුනිල් විජේසිරිවර්ධනයන්ගේ ”සුනිල සම්භාෂණ” කොළඹ මහවැලි කේන්ද්‍රයේදී ඊයේ (27) පස්වරුවේ පැවැත්වුණි.

දශක හතරකට වැඩි කාලයක් පුරාවට සුනිල් විජේසිරිවර්ධනයන් විසින් ගෙන යමින් තිබෙන ලේඛන සාහිත්‍ය තුළ තවත් අදියරක් ඊයේ දින සනිටුහන් කළ අතර එහිදී ඔහුගේ නවතම කෘති 3ක් සහ පෙර ප්‍රකාශයට පත කළ කෘති තුනක් නැවත මුද්‍රණය කර නිකුත් කිරීම සිදුකළේය.

ඊයේ දිනයට යෙදී තිබුණු ඔහුගේ 73 වැනි උපන්දිනය දවසේදීම මෙම කර්තව්‍ය සිදුකිරීමද එම වැඩසටහනේ තවත් විශේෂත්වයකි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමි,මහාචාර්ය ජයදේව උයන්ගොඩ සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එහිදී අදහස් දැක්වීම සිදුකරන ලදී.

එම වැඩසටහන සංවිධානය කර තිබුණේ විදර්ශන ප්‍රකාශන වෙතිනි.

”දශක හතරක් – අවිරාම සංස්කෘතික වැඩබිමක්” ලෙස එය දක්වා තිබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

https://www.readphotos.com/photo-stories/672/Sunila%20Sambhashana%202024

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැටී නැගිටින නුවරට වැටී නැගිටින පාඩමක්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: මේ මොහොත තවමත් වැටුණු...

මෙරට මාර්ග පද්ධතිය පිළිබද ඔබ දැනුවත්ද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ජනාතාවට ...

‘Zootopia 2’ බොක්ස් ඔෆිස් හි අංක 1 ස්ථානය ලබා ගනිමින් ලොව පුරා ඩොලර් බිලියන 1 ක ආදායමක් උපයයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෝල්ට්...