ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW :

ඊයේ (27) දින රක්ෂිත බන්ධනාගාරගත කළ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා තිබෙන බව වාර්තා වන අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔහු බන්ධනාගාරයට රැගෙන ඒමෙන් අනතුරුව ‘එල්’ වාට්ටුවේ රැඳවූ බවයි.

එම වාට්ටුවේ පළමු දින රඳවනු ලබන්නේ රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන නවක රැඳවියන් බවයි වාර්තා වන අතර, ඒ අනුව නිශාන්ත වික්‍රමසිංහ මහතා තවත් රැඳවියන් 60කට ආසන්න පිරිසක් සමග ‘එල්’ වාට්ටුවේ රඳවා සිටින බව පැවසේ.

ඔහු ඇතුළු එම වාට්ටුවේ රඳවා සිටින නවක රැඳවියන් අද දිනයේ වෙනත් වාට්ටුවලට මාරු කරන බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඊයේ දිනයේදී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් කණ්ඩායමක් විසින්, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, දූෂණ චෝදනා ත්‍රිත්වයක් සම්බන්ධයෙන් සිදු කර ගෙන යනු ලබන විමර්ශන කටයුතුවලට අදාළවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උත්තේජන භාවිතයම අවශ්‍යය නැහැ – පරීක්ෂණ මඟ හැරියත් දඬුවම් කළ හැකියි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: පසුගිය දිනෙක තහනම් උත්තේජන පරීක්ෂණයක්...

ටොයෝටා බලාපොරොත්තු බොඳ වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 14, කොළඹ LNW: තායිලන්තයේ පැවත්වෙන ටොයෝටා ජාත්‍යන්තර අභියෝගතා...

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්!

කොළඹ LNW:ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (14) පැවති විරෝධතාවක්...

පාළුයි කන්ඩලමම නුඹ නැතිව…

සය මසක් දුක් වින්ද..හැඩකාරයෝ නුඹ... හෙලූ දුක් කදුළු වේදනා අපමණ...දන්නෙ...