ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන මාතලෙන් ඇරඹේ!

Date:

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ ග්‍රාමීය සංවර්ධන කාර්යංශය මගින් ක්‍රියාත්මක ඒකාබද්ධ ග්‍රාම සංවර්ධන වැඩසටහන ආරම්භ කරමින් මාතලේ අංකන්ද හා දිග්ගල ග්‍රාමයන් යා කරමින් සුදු ගඟ හරහා ඇති සංගිලි පාලම ප්‍රතිසංස්කරණය කිරීමේ සංවර්ධන වැඩසටහන ඊයේ (27) දින පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලී පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි.

දශක තුනකින් පමණ අළුත්වැඩියා නොකරන ලද මෙම සංගිලි පාලම පැවතියේ ඉතාමත් අබලන් තත්ත්වයේය. ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 239ක 831ක් ජනතාව අපහසුතවයට ලක්ව සිටියහ. මෙම ජනතාවගේ ප්‍රධාන ජීවොනෝපාය මාර්ගය වන්නේ ගොවිතැනයි. පාලම අබලන්ව පැවතීම හේතුවෙන් ඔවුන්ගේ කෘෂි නිෂ්පාදන වෙළදපොළට ගෙනයාමට විශාල පිරිවැයක් දැරීමට සිදුවතිබුණි.

එමෙන්ම පාසල් ළමුන්ට පාසල කරා යාමට විකල්ප මාර්ග භාවිතා කරමින් දිගු මාර්ගයන් ඔස්සේ පාගමනින් පාසල් යාමට සිදුව තිබුණි. රෝගීන්,කාන්තාවන් වැනි අයවලුන් මහත් දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටියහ.

අබලන් තත්වයේ පැවති මෙම සංගිලි පාලම භාවිතා කරන ප්‍රදේශවසී ජනතවගේ ජීවිතය යම් අවදානමක පැවති අතර එම සියළු ගැටළුවලට විසඳුම් ලබා දෙමින් අංකන්ද ග්‍රාමයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙම සංගිලි පාලම ලක්ෂ 79ක පමණ වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කෙරුණේ ප්‍රාදේශීය සංවර්ධන සම්බන්ධීකරණ කමිටුවේ නිර්දේශයන්ට අනූවයි.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, ග්‍රාම සංවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂක, මාතලේ දිස්ත්‍රික් ලේකම්, රාජ්‍ය නිළධාරීන් , ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයන් ඇතුළු ප්‍රදේශවාසී විශාල පිරිසක් එක්ව සිටියහ.

ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන යටතේ ග්‍රාමීය සංවර්ධන කාර්යංශය මගින් 2025 අයවැය ප්‍රතිපාදන අනූව රුපියල් බිලියනක සංවර්ධන යෝජනා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...

නැවත ඉරානයට බෝම්බ හෙලීමට දෙවරක් නොසිතන බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයට යුරේනියම් සැලකිය...