තෙල් නැත්තං සේවයට වාර්තා කරන්න බෑ – සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජනයකට සැරසෙයි

Date:

ඉන්ධන නෙමැතිවීම සහ මගී ප්‍රවාහන කටයුතු අඩාලවීම හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයන් බහුතරයකට සේවයට වාර්තා කිරීමට නොහැකි වී ඇති බව වෘත්තීය සමිති පවසනවා. මේ නිසා හෙට සහ අනිද්දා දිනවලදී සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමටයි වෘත්තීය සමිති තීරණය කර තිබෙන්නේ.

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරන මහජන සෞඛ පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවිකාවන්, රසායනාගාර ශිල්පීන්, කීට විද්‍යා නිළධාරීන් ඇතුළු ක්ෂේත්‍ර 08 කට අයත් සේවකයන් මෙම වර්ජනයට සහාය දක්වන බවයි එම පෙරමුණේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ.

ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරිණි. සෞඛ්‍ය සේවයද අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර සෞඛ්‍ය සේවකයන් සඳහා ඉන්ධන නිකුත් කරන බවද ආණ්ඩුව සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ සෞඛ්‍ය සේවකයන්ට ඉන්ධන නිකුත් කිරීම ප්‍රමාණවත් පරිදි සිදු නොවන බවයි. මගී බස්රථ බහුතරයක් ධාවනයෙන් ඉවත්ව ඇති අතර ලංගම බස්රථ පමණක් නියමිත පරිදි ධාවන කටයුතු සිදු කරයි. මෙම තත්වය මත පොදු ප්‍රවාහන සේවා භාවිතා කර සේවයට වාර්තා කිරීමටද නොහැකි වී ඇති බවයි උපුල් රෝහණ මහතා පෙන්වා දෙන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: අද අපි මොරොක්කෝවට ආවේණික රසයක් සොයා යමු! – Moroccan Chicken Tagine with Apricots & Almonds

පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/e-SB7YW2mBs සටහන – පුලී පෙබරවාරි 10, LNW (කොළඹ):...

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...