ගෝඨාභය බය ගෑනුන්ට ද? හිරුණිකා අදත් කොළඹ රත් කරයි (VIDEO)

0
3076

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආසන්නයේ කාගිල්ස් ගොඩනැගිල්ල අසලින් ජනාධිපති මන්දිරය දෙසට යා හැකි ප්‍රධාන මාර්ගය අද (28) පොලීසිය විසින් හදිසියේ මාර්ග බාධක යොදා වසා දැමුවා.

ඒ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණි අවස්ථාවේදීයි.

ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණු අතර ඔහුට සහය පළකිරීමටයි ප්‍රේමචන්ද්‍ර මහත්මිය එහි පැමිණ තිබුණේ.

එහෙත් ඇයට එම මාර්ගයේ ඉදිරියට යාම අවහිර කරමින් හදිසියේම පොලීසිය විසින් මාර්ග බාධක යොදා මාර්ගය වස දැමීමට කටයුතු කිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ASK