ජනාධිපතිතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අවභාවිතා කරනවා. ඔහුගේ කතා අහලා තරුණයින් රට හැර යනවා – දිලිත්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ පාර්ලිමේන්තු කතා තුළ රට ගොඩනැඟීම පිළිබඳව කිසිදු අන්තර්ගතයක් නොමැති බැවින් ඔහුගේ කතා අසන තාරුණ්‍ය නැවතත් රටහැර යාම සඳහා පාස්පෝට් පෝළිමට එකතුවෙමින් සිටින බව සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

“අපේ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මොනවා කිව්වත් ඔහුට බාධා නොකරන්න. අපි සම්ප්‍රදාය ගරු කරන මිනිස්සු හැටියට අපි කට වහගෙන ඉන්නවා. හැබැයි ඒ සම්ප්‍රදාය අවභාවිතා කරලා එතුමා අවලාද ගොඩක් කියලා ගියා යන්න. ඔහු ආමන්ත්‍රණය කරනවාද මේ ඌව පරණගම ගොවීන්ගෙ ගොවි ගැටලු ? ඔහු ආමන්ත්‍රණය කරනවාද අවුරුදු තුනක් තිස්සේ කිසිම කෙනෙකුගේ ආදායම් වැඩි නොවුණු තත්වයක් තුළ විදුලි බිලට වුණ දේ ? ඉන්ධන වියදමට වුණ දේ ? වතුර බිලට වුණ දේ ? සියලුම පාරිභෝගික භාණ්ඩවලට වුණ දේ ? කතා කරනවද, නෑ …. එතුමා කතා කරනවාද මේ ඩොලරය ඉහළ යාම නිසා අපේ පාරිභෝගික ජීවිතවලට අද වෙලා තියෙන වින්නැහිය ? කතා කරේ නෑ. අපේ රටේ අධිකරණ පද්ධතිය බරපතළ ලෙස අභියෝගයන්ට ලක්වෙලා ජනතාවට අධිකරණය ගැන තියෙන විශ්වාසය හීනවෙමින් පවතින බව ඔහු දැනගෙන ඉඳලාත් ඔහු පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඒ ගැන කතා කළේ නෑ. ඔහු ඒ වෙනුවට අවලාද ගොඩක්, නාඩගම් වේදිකාගත කරලා ඒ වේදිකාගත කරපු නාඩගම් ගැන සාරාංශයක් දීලා මේ රටේ ඉන්න බහුතරයක් බුද්ධිමත් ජනතාවට විශාල අවඥාවක් කළා.

රටේ ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව අමතනකොට පළවෙනියටම අවශ්‍ය වෙන්නෙ, කොහොමද රටේ මිනිස්සු මෝටිවේට් කරන්නෙ අභිප්‍රේණ‍ය කරන්නෙ, නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්නෙ, අපනයනයට දායක කරගන්නෙ, කුඩා ක්ෂුද්‍ර ව්‍යවසායකයින්ට කොහොමද ශක්තියක් දෙන්නෙ, බලාපොරොත්තුවක් දෙන්නෙ කියන ඒවා. ඒ වෙනුවට මොකක්ද කිව්වෙ ? ආයෙමත් බලන්න ඒ කතාව. ඒ කතාවෙ එක වචනයක් තියෙනවාද මේ රට ගැන අපේ මේ තරුණ පරම්පරාවට බලාපොරොත්තුවක් තියාගන්නට අපි පිටරට නොගිහින් මේ රටේ හිටියොත් අපිට අහවල් අහවල් දවස වගේ වෙනකොට හරියයි කියලා හිතෙන ? ඒ පාර්ලිමේන්තු කතාව අහගෙන හිටියා නම් කවුරුහරි තාරුණ්‍ය ඔවුන් ආයෙමත් අර පාස්පෝට් කන්තෝරුවේ පෝලිම ඉස්සරහා හිටගෙන ඉන්නවා ලැබෙන පළවෙනි ෆ්ලයිට් එකේ, තියෙන ළඟම කොහේහරි දූපතකට යන්න. මොකද, අපිට අනාගතයක් නෑ …”

දිලිත් ජයවීර මහතා මේ බව පැවසුවේ ඊයේ (27) පැවති සර්වජන බලයේ ඌව පරණගම කොට්ඨාස නියෝජිත හමුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...

LOLC ගැන අසත්‍ය ප්‍රචාර වැළැක්වීමට කොන්දේසි සහිත අධිකරණ නියෝගයක්

සටහන - රුවන් නෙළුගොල්ල LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සහ එහි ව්‍යාපාරික...

බෙංගාල බොක්කේ ගැඹුරු පීඩන අවපාතය සුළි කුණාටුවක් වෙයි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද...