මම කිසිසේත්ම මේ රටේ ගොවි නායකයින්ට කසිප්පුකාරයෝ කිව්වෙ නෑ – ඇමති TB

තමන් කිසිසේත්ම මේ රටේ ගොවි නායකයින්ට කසිප්පුකාරයින් යැයි නොකී බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.

“කිසිසේත්ම මේ රටේ ගොවි නායකයින්ට මම කසිප්පුකාරයෝ කිව්වෙ නෑ. ගොවි නායකයෝ ලෙස පෙන්නමින් – ඒගොල්ලො ගොවි නායකයො නෙවෙයි – සජබෙ මන්ත්‍රීවරු, සජබෙ ගමේ ඉල්ලපු අපේක්ෂකයො, එක්තරා නාලිකාවක් එක්ක මේ තුන්දෙනා හතමුණ ප්‍රදේශයේ කරපු සාකච්ඡාවක් පිළිබඳව තමා මම කිව්වෙ. එතෙන්දී ඉතාම අශෝබන, අසභ්‍ය වචන පාවිච්චි කරලා බැන්නා. ඒවා රූපවාහිනී නාලිකාවල විකාශය කරන්න බැරිවුණා, ඒවා කපලා විකාශය කළේ. අන්න ඒ සිද්ධියට තමයි මම කිව්වෙ. ඒ නිසා මේ රටේ ඉන්න ඇත්ත ගොවි නායකයො කලබල වෙන්න එපා. ඔවුන් කරන සාධාරණ අරගල අපි පිළිගන්නවා. මේ මොහොතේ වී මිල පිළිබඳව ප්‍රශ්නයක් ඔවුන් නඟනවා. ඒක අපි පිළිගන්නවා, ඒකට උත්තර දෙනවා කියලා තියෙන්නෙ. මොකද මේ වෙලාවෙ ගොයම් කැපෙන්නෙ නෑ, ගොයම් නොකැපෙන වෙලාවෙ වී මිල වැඩිකළොත් මෝල්වල තියෙන වී තමයි රජයට ගන්න වෙන්නෙ. තව සති දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම ගොයම් කැපෙනවා, එතකොට රජය වී මිලදී ගැනීමේ කර්තව්‍ය සිද්ධ කරනවා”

ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්’ නිවාස ආධාර වැඩසටහන යටතේ ඇලහැර අත්තනකඩවල ප්‍රදේශයේ ඉදිකළ නිවසක් නිවැසියන්ට පවරාදීම වෙනුවෙන් පැවති උත්සවයකට සහභාගී වීම සඳහා පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...