අස්වැසුම හොඳයි. ඒත් කරන විදිහ වැරදියි – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

රජය විසින් අස්වැසුම වැඩසටහන සඳහා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සහ සහන දීම සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පවතින බවත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කර සිටියේ නිවැරදි සමීක්ෂණයකින් එම කටයුතු සිදු කරන ලෙසත් වෙරිටේ රිසර්ච් ආයතනය පවා පෙන්වා දී ඇති පරිදි විදුලි පාරිභෝජනය මත ප්‍රතිලාභීන් තෝරා ගත්තේ නම් එය විද්‍යාත්මකව නිවැරදි තේරීමක් බවත් විපක්ෂ නායකවරයා සදහන් කළේය.

ලර්න් ඒෂියා ආයතනය දිස්ත්‍රික්ක 13ක නිවාස 10000ක් කේන්ද්‍ර කර ගෙන සිදු කරන ලද සමීක්ෂණයකට අනුව රටේ දුප්පත් ජනගහනය සියයට 14 සිට සියයට 31 දක්වා සියයට 17කින් වැඩි වී ඇති බවත් ලක්ෂ 30ට සිට දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 70ක් වී ඇති බවත් රජයේ මේ තෝරා ගැනීමේ ක්‍රමවේදය මඟින් ලක්ෂ 70ක් වූ දුප්පතුන්ගෙන් කොටසටකට මෙම සහන නොලැබී යාමේ තත්ත්වයක් උදාවන බවත් පෙනී යන ආකාරයට අස්වැසුම වැඩසටහන යනු ඇස් වසා ප්‍රතිලාභ ඉවත් කිරීමේ වැඩසටහනක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පසුගියදා (26) විපක්ෂයේ විධායක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.

මේ වැඩසටහන ආරම්භ කිරීමේ දී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය යෝජනා කළ ආකාරයට විදුලි පාරිභෝජනය මත පදනම් ව හෝ ප්‍රතිලාභීන් තොරා ගත්තේ නම් සියයට 80කට වඩා එය සාර්ථක වන බවත් එය දත්ත මත පදනම් වූ විද්‍යාත්මක තීන්දු තීරණයක් වුවත් මෙම රජය අස්වැසුම ක්‍රියාත්මක කරන්නේ කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ප්‍රතිලාභ ලැබිය යුතු අයට ප්‍රතිලාභ නොදී ප්‍රතිලාභ නොලැබිය යුතු අයට ප්‍රතිලාභ ලබා දීමෙන් බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

අස්වැසුම හොඳ වැඩසටහනක් වුවත් එය ක්‍රියාත්මක කරන ආකාරය සම්පූර්ණයෙන් ම අසාර්ථක බවත් මෙය නිවැරදි විය යුතු බවත් ඒ සඳහා බිම්මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් අවධාරණය කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුනෙස්කෝ ලෝක උරුමයන්ගෙන් පිරි ඉතාලිය!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): "ලෝකයේ වෙනත් ඕනෑම...

Anutin Charnvirakul තායිලන්තයේ නව අගමැති ලෙස පත් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): තායිලන්තය සඳහා නව...

විමල්ගේ විරෝධය!

කොළඹ LNW:වත්මන් ආණ්ඩුව ICCPR පනත භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන්...