*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

අහෝ බේදයකි, ඉරකි තිතකි. කීර්ති වර්ණකුලසූරිය නැති දිවයිනක් මක්කටැයි ?

ලංකාව පුරාම විතරක් නෙවෙයි විශ්වය පුරාම වුණත් ප්‍රසිද්ධියට පත්වෙන්න ඕනෙ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරියව දිවයින පුවත්පතෙන් අයින් කරලා කියලා ආරංචියි.

දැනට දින කිහිපයක් තිස්සේ ඔහුට දිවයින පුවත්පත් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීම පවා තහනම් කරලා ලු.

කීර්ති වර්ණකුලසූරිය කියන්නේ ලේසි පහසු මනුස්සයෙක් නෙවෙයි. අඟහරු ලෝකයෙන් ගඩොල් තොගයක් හොයාගත්තු මාධ්‍යවේදියා. ඒ වගේම පැනමා පේපර්ස් හරහා කළු සල්ලි ගැන හෙළිකරපු පුද්ගලයාගෙ නම “ජෝන් ඩෝ” කියලා හොයාගත්තෙත් කීර්ති. ඉතියෝපියානු ගුවන්යානයක් කඩන් වැටුණේ ඒ යානයේ “මෘදුකාංගයක” කුරුල්ලෙක් ගැටීමෙන් කියලා හොයාගත්තෙත් මේ කීර්තිම තමයි. මේ මෑතකදී ටයිටැනික් නෞකාවේ සුන්බුන් බලන්න ගිහින් අනතුරට ලක්වුණු ටයිටන් සබ්මැරීනයේ නියමුවා හැටියට කටයුතු කරලා තියෙන්නේ සබ්මැරීන් නියමුවෙකු නෙවෙයි “වීඩියෝ ක්‍රීඩා මෙහෙයවන්නෙක්” කියලාත් ඔය කීර්තිම හොයාගෙන තිබුණා.

ඇත්තටම කීර්ති වර්ණකුලසූරිය කියන්නේ දැඩි බටහිර විරෝධියෙක්. ඒ නිසාම එයා ඔය සුද්දන්ගේ භාෂාව සත පහකට විශ්වාස කරන්නේ නෑ. ඉතින් එයා සුද්දන්ගේ නිව්ස් බලලා ඒකෙන් වචනයක් අල්ලාගෙන ඉතුරු ටික එයාට හිතෙන දේවල් දාලා ලියනවා. මේවා පිස්සු විකාර කියලා සාමාන්‍ය දැනීම තියෙන ඕනෙ කෙනෙකුට දැක්ක ගමන් තේරෙනවා. ඒත් එයාම ලියන ආරක්ෂක කොළම එහෙම නෑ, ඒකෙ නම් තියෙන්නෙ ඇත්තම තමයි කියලා මෙහේ ඉන්න සමහර ප්‍රසිද්ධ මහාචාර්යවරුන් පවා විශ්වාස කළා.

ඔය මනුස්සයා ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීම බලන්න ගිහින් එහේදී ලංකාවට විරුද්ධව සිද්ධ වුණාය කියලා ලියපු කුමන්ත්‍රණත් ඔය basic building blocks of life කියන එක ගඩොල් තොගයක් කියලා පරිවර්තනය කළා වගේ වෙන්න බැරිද කියලා දිවයින පාඨකයින්ට කවදාවත් හිතිලා නෑ. මොකද බොරු වුණත් කීර්ති ලිව්වේ එයාලා කියවන්න ආසා කරන දේ.

සාමාන්‍යයෙන් මාධ්‍යවේදියෙක් ප්‍රවෘත්තියක් ලියපු පමණින් ඒක එහෙම්ම පත්තරේ පළකරන්නෙ නෑ. ඒ අදාළ අංශය භාර කර්තෘවරයා විසින් ඒක කියවලා අඩුපාඩු හදනවා. අක්ෂර වින්‍යාසය ගැන බලන්න තව කෙනෙක් ඉන්නවා, එයාත් සම්පූර්ණ පුවත අකුරක් නෑර කියවනවා. මුද්‍රණයට යවන්න කලින් පත්තරේ ප්‍රධාන කර්තෘවරයාත් ඒ සෑම පිටුවක්ම සම්පූර්ණයෙන් කියවලා බලනවා. නමුත් දිවයිනේ කාටවත් කීර්තිගේ මේ අතේ පැළවෙන බොරු ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද එයලා වගේම ඒවා විශ්වාස කරන්න ලෑස්ති සෑහෙන ජනතාවක් රටේ ඉන්න නිසා.

එහෙම බලපුවාම සමහර දේවල් කීර්තිගෙම වැරදිත් නෙවෙයි. අපට ඉන්නෙ කීර්තිලාව විශ්වාස කරන ජනතාවක්. එතකොට ඕක කීර්තිගෙම ප්‍රශ්නයක් නෙවෙයි, රටේ ජනතාවගේ ප්‍රශ්නයක්. නැත්නම් ඔච්චරකල් කීර්තිට ඔය රස්සාවෙ ඔය විදියටම එකම වැරදි දිගටම කරකරත් ඉන්න ලැබෙන්නෙ නෑනෙ.

දිවයිනේ වෙල්ගම මහත්තයා නම් ඔය සිද්ධිවලදී මීට කලින් වතාවල කියලා තිබුණෙ “අපිත් ඔය මිනිහාව අස්කරොත් මිනිහා කොහෙ යන්නද, මිනිහා පාරට වැටෙනවානෙ. ඔහෙ ඉඳපුදෙන්” කියලා ලු. ඒ වුණාට කීර්ති නම් කියන්නෙ එයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ක එකට රෝයල් කෝලේජ් එකට ගිය ක්ලාස්මේට් කෙනෙක් කියලා. ඒ නිසා කීර්තිට සමහරවිට ජනාධිපති මාධ්‍ය අංශයට යන්න පුළුවන් වෙයි. ඒ නැතත් කීර්තිත් එක්ක එකට ඔය ජාතියේ ප්‍රවෘත්ති ලියපු දිවයිනේ මනෝජ් අබේදීර දැන් ඉන්නෙ දිනමිණ පත්තේ කර්තෘ හැටියට ලේක්හවුස් එකේ. ඉතින් කීර්තිට ලේක්හවුස් එකට යන්නත් පුළුවන් වෙයිනෙ.

මේ දවස්වල රටේ පෙනෙන තරමක් පෙනෙන්නේ මිනිස්සුන්ට ඇඬෙන නිව්ස්. ඒ අතරේ හිනාවෙන්න යමක් ලිව්වොත් ඉතින් කීර්ති තමයි. ඒ හින්දා කීර්තිව කවුරුත් ගත්තෙ නැත්නම් LNW අපිත් එක්ක එකතුවෙලා හරි එයාගෙ මාධ්‍ය මෙහෙවර දිගටම කරගෙන යන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද අපි විහිළුවලට හරිම කැමතියි.

කීර්ති ගැන තවත් එක්ක මතක් කරන්න ඕනෙ. කීර්තිට කොවිඩ් හැදිලා නිරෝධායනය කරන්න ගිය වෙලාවේ එයා කළුබෝවිල රෝහලෙන් පැනලා ගියා. හරියට ජේම්ස් බොන්ඩ් වගේ ගේමක් ගහගෙන ගෙදර වහලෙන් පැනලා ඇතුළට ගිහින් හැංගුණා. ලෝකෙම ආරක්ෂාව ගැන පිටු පුරවලා ලියපු, පොට්ටු අම්මාන් හැංගිලා ඉද්දී දවල්ට කාපුවා පවා දැනං හිටපු කීර්ති තමන් පැනලා හිගින් හැංගුණු එකම වතාවේ අතටම මාට්ටු වුණා හැබැයි. එයාම අටළුගම මිනිස්සුන්ට පතුරු යන්න බැණපුවා එයාට අදාළ වුණේ නෑ එයා නිරෝධයනයෙන් පැනලා යද්දී. දිවයින වගේම දිවයින පාඨකයින්ගෙත් කෙරුවාව ඔච්චරයි.

ඉතින් මේ දවස්වල වෙන්න ජනාධිපතිලා වැහිවැහැලා නිසා ඕනෙ නම් කීර්ති වර්ණකුලසූරියට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න වුණත් පුළුවන්. මොකද අර හැටනව ලක්ෂයෙන් වැඩි හරියක් කීර්තිව විශ්වාස කරපු මිනිස්සු. එයාලා කීර්තිට ඡන්දෙත් දෙයි …

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan