*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

පන්දු යවන්නෝ අපරාජිත බව රැක ගැනීමට පෙරමුණ ගනිති

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම් තඅරින් හොඳම පන්දු යැවීමේ අංශය තමන් සතුව පවතින බවට සහතික කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය අපරාජිත බව තව දුරටත් රැක ගනිමින් ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 82 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරන්නට සමත් වුණා.තරගාවලිය පුරාම ලකුණු අතර සිටි ශ්‍රී ලංකා පිතිකරුවන් යම් සසල කිරීමකට ලක් කරමින් පන්දු යැවූ ස්කොට්ලන්ත ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ඉණිම ලකුණු 245 ට සීමා කරන්නට සමත් වුණා.පැතුම් නිශ්ශංක (750 සහ චරිත් අසලංක (63) හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 30 සීමාව කරා ඒමටවත් ස්කොට්ලන්ත ක්‍රීඩකයින්ගෙන් අවසර ලැබුණේ නැහැ.

විශේෂයෙන් අයර්ලන්තයට එරෙහිව තරගයේදී ශ්‍රී ලංකාව විශාල ඉණිමක් ගොඩ නඟන්නට භාවිතා කළේ නිලකුණු පන්දු අඩු කරමින් වැඩි එකේ ලකුණු ප්‍රමාණයක් රැස් කිරීම වුවත්,ස්කොට්ලන්තය සමඟ තරගයේදී එම සැළසුම දකින්නට ලැබුණේ නැහැ.අයර්ලන්ත තරගයේදී කලකට පසුව මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවි ගිය කුසල් මෙණ්ඩිස් එම දැවී යාමේ පීඩනයට ගොදුරුව සිටිනවා ද යන තරමට සැක ඉපදවෙන ඉණිමක් දියත් කරමින් විශිෂ්ඨ පන්දු රැකීමක් හමුවේ පන්දු 16 ට මුහුණ දී එක ලකුණකට දැවී යාම ගැන අවධානය යොමු කළ යුතුව තිබෙනවා.ඉක්මණින් පිටතින් එන පීඩනයන් අවශෝෂණය කර ගැනීමේ තත්ත්වයන් හමුවේ අසීරු කාලයන්ට මුහුණ දුන් කුසල්ගේ සුවිශේෂි පහරදීමේ හැකියාව ඉදිරියට අවශ්‍යය වන බැවින් කණ්ඩායම් බලධාරීන් සහ ක්‍රිකට් ආයතනය දෙවන වටය ඇරඹීමට පෙර ඒ සම්බන්ධයෙන් අවශ්‍යය කථිකාව කුසල් සමඟ ඇති කිරීම සුදුසුයි.


පන්දු යැවීමේ කාර්යයට අමතරව කඩුලු 7 ට ලකුණු 207 ක් ව තිබියදී පිටියට පිවිසි මහේෂ් තීක්ෂණ ලකුණු 245 දක්වා ශ්‍රී ලංකා ඉණිම රැඟෙන යන්නට අවශ්‍යය දායකත්වය ලබා දෙමින් නොදැවී ලකුණු 16 ක් එක් කිරීම මෙන්ම ස්කොට්ලන්ත ඉණිමට නැඟෙන්නට නොදී තීරණාත්මක මොහොතවල්වලදී ලබා ගත් කඩුලු 3 නිසා තරගයේ වීරයා බවට නම් කරා.ලකුණු 41 ට කඩුලු 3 ක් තීක්ෂණ ලබා ගනිද්දී ලකුණු 42 ට කඩුලු 2 ක් දවා ගන්නට වනිඳු හසරිග සමත් වුණේ මේ වන විට තරගාවලියේ ඔහුගේ කඩුලු පැස 18 දක්වා ඉහළ නංවා ගනිමින්.
ස්කොට්ලන්ත ඉණිමට එල්ල වූ පීඩනය හමුවේ ආරක්ෂා වීමට වඩා ආක්‍රමණයෙන් පිළිතුරු දෙන්නට උථ්සාහ කළ ක්‍රිස් ග්‍රේවස් සාර්ථක වුණා.ඔහු පන්දු 41 දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව නොදැවී ලකුණු 56 ක් රැස් කර ගන්නට සමත් වුණා.ඊට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් කරමින් ලකුණු 56 න් ලකුණු 40 ක් ම ඔහු ඒ හරහා ලබා ගැනීමත් කැපී පෙණුනා.පන්දු යැවීමේදීත් ශ්‍රී ලංකා පසුපෙළ උඳුරා දැමූ පන්දු යවන්නා වූ ක්‍රිස් ග්‍රේවිස් ලකුණු 32 ට කඩුලු 4 ක් දවා ගන්නට සමත් වුණා.

මේ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තමන් නියෝජනය කළ කොටසේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම හැටියට සුපිරි හය දෙනාගේ වටයට පිවිසුණා.ශ්‍රී ලංකාව හොඳ ඉණිම් ගණනාවක් මේ වටයේදී ප්‍රදර්ශනය කළත් ඔවුන්ව අපරාජිතව ඒ දක්වා ගෙන ඒමේ විශාලම කාර්යභාරය සිඳු කළේ පන්දු යවන්නන් වීම වැදගත්.නමුත් සුපිරි හය වටයේදී ශ්‍රී ලංකාවට මුහුණ දෙන්න සිඳුවන්නේ අනිත් පසින් එන දැවන්ත පිතිකරණ රටාවක් ප්‍රදර්ශණය කළ කණ්ඩායම් තුනකට යන්න මෙහිදී ශ්‍රී ලංකාවට විශාල අභියෝගයක් විය හැකියි.ඒ නිසා ශ්‍රී ලංකා පිතිකරුවන් හැමවිටම පළමුව පන්දුවට පහර දෙන්නේනම් පන්දු යවන්නන්ට පාලනය කළ හැති ඉණිමක් ගොඩ නැඟීම වැදගත් වෙනවා.

කෙසේ වුවත් ශ්‍රී ලංකාව තමන්ගේ සාර්ථකත්වයට පසුපසින් මේ තරගාවලියේදී අවස්ථාවට සාපේක්ෂව ප්‍රතිවාදියා තබා ගන්නට ගත් උත්සාහය සහ හැකියාව සුපිරි හය වටයේදීත් රඳවා ගැනීම අත්‍යශ්‍යය වෙනවා.එහිදී පළමුව ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය මුණ ගැසෙන්නට නියමිත අතර එම තරගය ශ්‍රී ලංකාව මේ දක්වා සාර්ථඛව තරග කළ බුලවායෝහී දී ජූනි 30 දා පැවත්වෙන්නට නියමිතයි.ශ්‍රී ලංකාව සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමත්,බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් හමුවන්නේ පිළිවෙලින් ජූලි 02 දා සහ ජූලි 07 වන දා යි.

පහතින් දැක්වෙන්නේ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 82 ක ජයක් ලැබූ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ තරගයේ ලකුණු විස්තරයට පිවිසෙන සම්බන්ධතාවයයි.
https://www.espncricinfo.com/series/icc-cricket-world-cup-qualifier-2023-1377745/scotland-vs-sri-lanka-19th-match-group-b-1377764/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan