*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

අලුත් නොවන නීති නිසා දුක් විදින ක්‍රීඩාව – අධ්‍යාපන ඇමතිගේ අවධානයට

ශ්‍රී ලංකාව මේ මොහොතේ එක් පසෙකින් ශ්‍රී ලංකාවෙන් ජනතාව බැහැරවීම නැවත්වීම සඳහා විශාල උත්සාහයක නිරත වෙයි.විශාල බුද්ධිගලන ක්‍රියාවලියෙන් සෑම කේෂ්ත්‍රයක්ම අකාර්යක්ෂම වෙමින් ඇත.ඒ නිසා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ ගතවීමේදී අතුරුදහන්විම් වළක්වන්නට දැඩි පියවර ගන්නට රජය අලුත් ක්‍රියාමාර්ග කල්පනා කරමින් සිටියි.මේ අතර ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා පවසන්නේ දෙප්ළ පවරා ගැනීම දක්වා යා හැකි ක්‍රියා මාර්ග ගැනය.

ක්‍රීඩාවේ තත්ත්වය එක අතකින් ඒ ආකාරයට අතුරුදහන්වීම් වළක්වා ගැනීමට අලුත් ක්‍රියා මාර්ග සොයද්දී,තවත් අතකින් විදේශයන්හී සරු තත්ත්වයෙන් ක්‍රීඩා කරන ලංකාවට සම්බන්ධ ඇති දක්ෂයන් ශ්‍රී ලංකාව නියෝජනයට සොයන වැඩ සටහන්ද ක්‍රියාත්මක වෙයි.

මෙවැනි තත්ත්වයක් තුළ වෙනත් රටක ඉපදී,එරට උප්පැන්නය ඇති දරුවෙක්ට මෙරටදී පාසල් මට්ටමෙන් ක්‍රීඩා කළ නොහැකිය යන මේ වත්මන් තත්ත්වයට කිසිසේත් නොගැලපෙන නීති අධ්‍යපාන අමාත්‍යංශය විසින් නඩත්තු කරගෙන යයි.සමහර විට නීතිඥවරයෙක් ද වන අධ්‍යාපන ඇමතිට මේ තත්ත්වය නිලධාරීන් පෙන්වා දෙන්නේනම් ඔහු එය වෙනස් කිරීමට අවශ්‍යය උපදෙස් සහ නීතිමය කටයුතු අදාළ නිලධාරීන්ට දැණුම් දෙනවා සැක නැත.
අප ලෝකය කුඩා කර එහි කොටසක් වීමේ උවමනාවෙන් යුතුව නව ලෝකයට ගැලපෙන සේ කටයුතු කළ යුතුව තිබුණත්,මෙරට රජයට බදු ගෙවන,ඡන්දදායක ලාංකේය පුරවැසියන්ට තමන්ගේ දරුවන් විදේශයක සිට ඉපදීම නිසා වන්දි ගෙවන්න සිඳු වී තිබීම කණගාටුදායක තත්ත්වයකි.මෙරටට අවශ්‍යය ඩොලර් ලබා දී දහදිය වපුරා වැඩ කරපු මිනිස්සු ඒ රටවල නොනැවතී මෙරටට නැවත පැමිණි පසු ඒ අය රටට උපයා දුන් දේ වෙනුවෙන් මෙන්ම,ඔවුන්ට රටේ පුරවැසියන් හැටියට තමන්ගේ දරුවන්ගේ සුබ සිද්ධිය සහ සතුට වෙනුවෙන් හිමි විය යුතු වරප්‍රසාද අහිමි කිරිම මේ රට එපා වීමට හේතුවක්ය.

ඔවුන්ගේ දරුවන්ට සිය පාසල් ජීවිතය තුළ මේ රට නියෝජනය කරන්නට ඉඩක් නැත.මේ රටේ දරුවන් සමඟ එකට ක්‍රීඩා කරන්න ද ඉඩක් නැත.ඒ අධ්‍යාපන අමාත්‍යංශය කලෙකට පෙර ගෙනවිත් තිබෙන චක්‍රලේඛ පදනම් කරගෙනය.ඒවා ඒ මොහොතට කුමන හේතුවක් නිසා හෝ අවශ්‍යය වන්නට ඇත.දැනට මේ තත්ත්වය වෙනස් වි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ හැඩයට ජාත්‍යන්තර පාසල් ද එකතු වී ඇත.ඒ නිසා විදේශවල සිට පැමිණෙන දරුවන්ට ජාත්‍යන්තර භාෂාවෙන් එම පාසල්වල ඉගෙන ගැනීමට අවස්ථාව සැළසෙන අතර දරුවන්ගේ අධ්‍යාපනය ගැන සිතා විදේශවලම ගත නොකර නැවත බොහෝ අය ශ්‍රී ලංකානය පැමිණෙන්නට දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ජාත්‍යන්තර පාසල් තිබීම එක හේතුවක්ය.

නමුත් අධ්‍යාපනය මෙන්ම ක්‍රීඩාව ද දරුවන්ගේ අයිතියක් වුව ද,රට වෙනුවෙන් නොව රටේ පවතින පාසල් ක්‍රීඩා උළෙලක් වෙනුවෙන් හෝ එම දරුවන්ට ක්‍රීඩා කරන්නට ඇති අයිතිය නැති කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයය.මේ තත්ත්වය වෙනස් කළ යුතුය.ජාත්‍යන්තර පාසල්වල මේ රටේ ඉගෙන ගන්නා විදේශිකයන්ට පවා අපේ රටේ පවතින පාසල් තරග සඳහා ඉදිරිපත් වන්නට අවස්ථාව දිය යුතුය.සමහර විට ඒ කාරණය පදනම් කරගෙන ක්‍රීඩා ජිවිතයේ තරගකාරි ඉඩ සළකාගෙන ද විදේශිකයන් මෙරටට ඒමේ ප්‍රවනතාවය වැඩි විය හැකිය.
දරුවාගේ නිදහස අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද තිබිය යුතුය.මේ රටට විදේශ විනිමය ඉැපයූ,මේ රටේ ඡන්දදායක පුරවැසියන්ගේ අයිතියක් හැටියට අනෙක් දරුවන්ට මෙන් තමන්ගේ දරුවන්ට ද සමානව සැළකිය යුතුය කියන ඉල්ලීමකදී වුව,අධ්‍යාපන චක්‍රලේඛය හැකිලී පුරවැසියාගේ අයිතිය ඉස්මතු වන්නේය.නමුත් ඒ තත්ත්වය වෙනුවට දෙමව්පියන් ගේ අයිතිය ද සැළකිල්ලට නොගෙන අධ්‍යාපන අමාත්‍යංශයේ චක්‍රලේඛය පදනම් කරගෙන අවුරුදු 14 ක දියණියකගේ තරග කිරීමේ අයිතිය ඇය සමඟ සහයට සිටි තවත් දියණියන් තිදෙනෙකුට බලපාන පරිදි අහෝසි කර දැමීම අපි සහය දිවීමේ තරගාවලියේ දී දුටිමු.

මේ තත්ත්වය වෙනස්විය යුතුය.නීතියට අවනාතව වැඩ කිරීම නරක දෙයක් නොවේය.නමුත් මේ චක්‍රලේඛය මේ මොහොතට මේ රටට අදාළම නොවන එකක් බව හඳුනාගැනීම අපහසු නැත.එහිදී එම චක්‍රලේඛය අභිබවා යන පුරවැසි අයිතීන් උල්ලංඝණය කළ නොහැකි තත්ත්වයන්ට යටත්ව සටහනක් සහිතව ඔවුන්ගෙන් ඉල්ලීමක් රැඟෙන එම දියණියට මෙන්ම එම අනෙක් දියණියන් තිදෙනාටත් තරග කරන්නට ඉඩ දෙන්නට තිබිණ.
නමුත් දැන් ඒ දේ අවසන්ය.යළිත් මෙවැනි අවාසනාවන්ත සිඳුවීම් ලංකාවේ අධ්‍යාපන කේෂ්ත්‍රයේ දරුවන්ගේ මානසිකත්වයට බලාපාන පරිදි සිඳු නොවන්නට බලධාරීන් පරණ අකුරු මකා දමා අලුත් අකුරු ඇමිණිය යුතුය.අධයාපන අමාත්‍යවරයා,අධ්‍යාපන ලේකම්වරයා පමණක් නොව රට අලුත් කරන්නට හිතන ලෝකයට සරිලන විදිහේ හැඩයක් ස්ථාපිති කරන්නට වෙහෙසෙන බව කියන හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක් ද වූ ජනාධිපතිවරයා ද මේ ගැන අවධානය යොමු කළ යුතුය.අධ්‍යාපනය ලබන දරුවෙක්ට වයස අවුරුදු 18 පමණ වෙන තෙක් මේ රටේ ක්‍රීඩාව අහිමි කරන අධ්‍යාපන චක්‍රලේඛ මෙන්ම ආගමන විගමන නීතියේ යම් අවහිරතා ද ඉවත් කරන්නට පියවර ගත යුතුය.එය අලුත් ජයග්‍රහණ සඳහා අලුත් පාරක් වනු ඇත.එසේම දක්ෂ විදේශ ක්‍රිඩකයින් ද මේ තරග පිටිය තුළ ඇති කරන තරගකාරීත්වය ලංකාවේ පාසල් දරුවාගේ දස්කම් ඉහළ මට්ටමකට ඔසවන්නට පාර කියනු ඇත.විදේශිකයන් ලංකාවට අධ්‍යාපනය ඇසුරෙන් පැමිණීමට ඇති ඉඩ පළල් වී ආයෝජන මෙන්ම විදේශ විනිමයන් ඉපයීමේ තත්ත්වයද ඉහළ යනු ඇත.

අධ්‍යාපන ඇමතිතුමා සහ ආණ්ඩුව මේ යල් පැන ගිය චක්‍රලේඛවලින් මිදී අධ්‍යාපන බලධාරීන්ට පලදායි වැඩක් ක්‍රීඩාවට කිරීම සඳහා දෙන දායකත්වය දෙස අපි බලා සිටින්නෙමු.
දරුවෙක්ගේ සතුටට හේතුවන ක්‍රීඩාව ඔහුට හෝ ඇයට අහිමි කිරීමෙන් ඇතිවන මානසික පීඩනය කෙතරම් දුරකට ඇයට බලපානු ඇද්ද?අධ්‍යාපනයෙන් දරුවා කොන් කිරීමේ බොහෝ තැන් ගැන අපි විවිධ අවස්ථාවන්හී කතා කරන්නෙමු.දකින්නෙමු.එවැනි වටපිටාවක මෙවැනි කොන් කිරීම් සිඳු කරන චක්‍රලේඛ පවත්වා ගැනීම් අධ්‍යාපන වෘත්තීය සමිතිවල හෝ අවධානයට ලක් නොවී තිබීම ද කණගාටුදායක තත්ත්වයකි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan