ජනතාවගේ තැන්පතුවලට අත තියන්න කාටවත්ම බෑ. කලබල වෙන්න එපා – අකිල

Date:

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ඇතැම් පුද්ගලයින් සැක සංකා මතු කරන්නේ දේශපාලන අරමුණු සහිතව බවත් ජනතාවගේ තැන්පතුවලට අත තැබීමට කිසිවකුටත් නොහැකි බවත් ජනාධිපති උපදේශක, එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

“පැහැදිලිවම ගරු ජනාධිපතිතුමා කියලා තියෙනවා තැන්පතුකරුවන්ට හෝ බැංකු ගිණුම් තියෙන කිසිම කෙනෙකුට කිසිම අසාධාරණයක් හෝ කිසිම දෙයක් වෙන්නෙ නෑ කියලා. එතකොට මෙතන එක එක කතා කියන අයට තියෙන්නෙ මේ වෙන දේශපාලන කාරණයක්. එහෙම සාමාන්‍ය මිනිස්සුන්ගෙ තැන්පතුවලට හෝ වෙනත් අයගේ වත්කම් තියෙනවා නම් බැංකුවල ඒවාට අත තියන්න බැහැනෙ කාටවත්.

මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය IMF වැඩසටහන සහ අද පවතින ආර්ථික තත්වය අනුව කළයුතු දෙයක්. ඒ වගේම මහබැංකුවේ අධිපතිතුමාත් පැහැදිලිවම කියලා තියෙනවා මේකෙන් තැන්පතුකරුවන්ට එහෙම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා. අඩුම ගාණෙ ජනාධිපතිතුමා කියන එක විශ්වාස කරන්න බැරි නම් මහබැංකු අධිපතිතුමා කියන එකවත් විශ්වාස කරන්නකො. ඒ නිසා මේක ගැන කලබල වියයුතු නෑ. මේකට යම් කාලයක් අරගෙන තියෙන්නෙ – රජය විසින් ගත්ත ණය තියෙනවා මේ බැංකුවලින්. ඒකට යම් කාලය දිගු කරගැනීමක්, ඒවගේම පොලිය පිළිබඳ යම් එකඟතාවක් හදාගන්න. ප්‍රතිව්‍යුහගතකරණය කියන්නෙ ඒකයි. සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ණයක් ගත්තත් එක පාර ගෙවාගන්න බැරි නම් දෙගොල්ල කතා කරලා එයාට යම් සහන කාලයක් දෙනවානෙ, ඒකම තමයි මේ වෙන්නෙ”

අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...