ධම්මිකගෙන් තවත් සුබ ආරංචියක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඩීපී එඩියුකේෂන් නිර්මාතෘ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන යටතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාවල අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය හෙට (30) පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව, යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී හෙට පෙරවරු 08.30 සිට ධම්මික පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්‍රදානෝත්සවය ආරම්භ වීමට නියමිත ය.

ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන මගින් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන පරිගණක භාෂා පාඨමාලාවේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කි. යාපනය දිස්ත්‍රික්කයේ අයිටී කැම්පස් ශාඛාවල සිසු සිසුවියන් මෙම පාඨමාලාවේ සම්පූර්ණ කර ඇති අදියරයන් අනුව හෙට පිරිනැමීමට නියමිත සහතිකපත්වල වටිනාකම රුපියල් මිලියන 4,000 කි.

මෙම උත්සවය සඳහා සිසු සිසුවියන්, දෙමව්පියන්, ප්‍රදේශවාසීන් ඇතුළු 10,000 ක පමණ පිරිසක් සහභාගී වීමට නියමිතව ඇත.

ඔබේ දරුවාත් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන, රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලාවකට යොමුකිරීම සඳහා ඔබට ළඟම පිහිටි ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ශාඛාව සමග සම්බන්ධ වීමට මෙතැනින් යොමුවන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...