මාලිමාවේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදකියි!

Date:

කොළඹ LNW: ජාතික ජන බලවේගයේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීම අද (29)කොළඹදී සිදු කෙරුණි.

සමාජ, ආර්ථික, පාරිසරික ගැටළු විසඳමින් සංවර්ධිත රාජ්‍යයක් කර ශ්‍රී ලංකාව රැගෙන යාම එම ප්‍රතිපත්තියේ අරමුණ වන අතර පර්යේෂණ සහ නවෝත්පාදන වෙත එහිදී විශාල අවධානයක් යොමුකර තිබේ.

ඇමරිකාවේ හියුස්ටන් විශ්ව විද්‍යාලයේ මෙන්ම එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා එහි ප්‍රධානත්වය ගෙන කටයුතු කළ අතර ලොව පුරා විසිරි සිටින ශ්‍රී ලංකාවේ විද්වතුන්ද එම ප්‍රත්පත්තිය සකස් කිරීමට සහය දී තිබේ..

ජාතික ජන බලවේගයේ ආරාධනයක් මත උඩුගමසූරිය මහතා ඇතුළු විද්වත් කණ්ඩායම එම විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය සකස් කර තිබෙන අතර එය දේශපාලන පක්ෂයක් කේන්ද්‍ර කරගනිමින් නොව රටට ගැළපෙන පරිදි ගොඩනගා තිබීම එහි ඇති සුවිශේෂී තත්ත්වයක්.

නිර්මාණශීලිත්වය සහ විද්‍යාත්මක නවෝත්පාදනයන් තුළින් ශ්‍රී ලනකව සමෘද්ධිමත් අනාගතයක් කර ගමන් කරනු දැකීම උඩුගමසූරිය මහතා ඇතුළු කණ්ඩායමේ අපේක්ෂාවයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...