ඉරාන ජනාධිපතිවරණය කිසිවෙකුට බහුතර බලයක් නොමැතිව නිමා වේ; මීළඟ මැතිවරණය ජුලි 05 වනදා

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුනි 29, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීම සඳහා ඊයේ(28)දිනයේදී ඉරානයේ පැවති ජනාධිපතිවරණයේදී ප්‍රකාශිත ජන්ද වලට අනුව ඉදිරිපත් වූ අපේක්ෂකයන් සිවු දෙනාගෙන් කිසිවෙකු බහුතර බලයක් ලබා නොමැති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, ඡන්ද මිලියන 24.5 කට වැඩි ප්‍රමාණයක් ගණන් කිරීමෙන් පසු වැඩි ජන්ද ලබා ගත් Masoud Pezeshkian (මිලියන 10.4) සහ Saeed Jalili (මිලියන 9.5) අතර නැවත ජන්ද විමසීමක් එළඹෙන සිකුරාදා(05) දින පැවැත්වීමට නියමිත වන අතර 1979 ඉස්ලාමීය ජනරජය ස්ථාපිත කිරීමෙන් පසු ජනාධිපතිවරණයක් සඳහා අඩුම ඡන්ද ප්‍රතිශතය මෙම මැතිවරණයේදී වාර්තා වී ඇත.

සුදුසුකම් ලත් මිලියන 60 ඡන්දදායකයින් අතරින් මෙවර ජන්දය භාවිතා කර තිබුණේ, මිලියන 24 ක් පමණක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස 40%කි.

සබැඳි පුවත් : ඉරාන ජනාධිපතිවරණයේ පෙසෙෂ්කියන් ඉදිරියෙන්

ඉරාන ජනාධිපතිවරණයේ පෙසෙෂ්කියන් ඉදිරියෙන්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමට ලක් වූ සියලු දෙනා සමඟ අපි නැගී සිටිමු – IMF

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW  ඉකුත් දින කීපය පුරා...

මහවැලි ගගට නිකුත් කළ ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කරයි!

කොළඹ LNW:මහවැලි ගඟ සඳහා නිකුත් කළ ගංවතුර අවදානම් රතු...

හලාවත රෝහල තාවකාලිකව වසා දමයි

කොළඹ LNW:අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් හලාවත මහ රෝහල...