තවත් සුබ ආරංචියක්. විදෙස් සංචාරකයින් දස ලක්ෂය පසුකරයි !

0
399

සටහන – රුවන් නෙළුගොල්ල

2024 ජනවාරි 01 වනදා සිට මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයින් සංඛ්‍යාව දස ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

එම සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (29) දහවලේදී ය.

වසරේ මෙරටට පැමිණි දස ලක්ෂ වන සංචාරකයා ලෙස නම් වී ඇත්තේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි පෝල් රෝයි ය. ඔහු පැට්‍රීෂියා රෝයි ද සමග අද දහවල් 12.40 ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට කටුනායක ගුවන් තොටුපලට ළඟා වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයකින් පැමිණ ඇති අතර ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපලේ උත්සවයක් ද සංවිධානය කර තිබී ඇත.