ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගෙවුණු දිනය පුරා ගාසා තීරය ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර,විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 400කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි .

අවතැන් වූ සාමාන්‍ය ජනතාවට නවාතැන් පහසුකම් ලබාදීමට භාවිතා කර ඇති ක්‍රීඩාංගනයක් අසළට එල්ලවූ ගුවන් ප්‍රහාරයකින්ද කුඩා දරුවන් ඇතුලු 11 දෙනෙකු මියගොස් තිබෙන බවද වාර්තා වේ. මෙම ප්‍රහාර පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක හමුදා තවමත් අදහස් දක්වා නොමැති බවද විදෙස් මාධ්‍ය පවසයි.

ගාසා නගරයේ සබ්රා ප්‍රදේශයේදී හමාස් හමුදා අංශයේ ජ්‍යේෂ්ඨ චරිතයක් වූ හකම් මුහම්මද් ඊසා අල්-ඊසා මරා දැමූ බව, ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පවසා ඇත්තේ, ඔහු හමාස් හමුදා අංශයේ ආරම්භක සාමාජිකයෙකු බවත්, හමාස්හි සාමාන්‍ය ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයෙකු බවත්, 2023 ඔක්තෝබර් 07 වන දින ඊශ්‍රායලයට එල්ල කළ හමාස් ප්‍රහාරය සැලසුම් කිරීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී සැලකිය යුතු කාර්යයක් ඉටු කළ බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, මේ අතර හමාස් සංවිධානය හා ඊශ්‍රායලය අතර සටන් විරාමයක් සම්බන්ධයෙන් ලබන සතියේදී එකඟතාවකට පැමිණිය හැකි බවටයි. ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී වන අතර, ඊශ්‍රායලය සහ හමාස් නිලධාරීන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් පවතින බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාඩුයි පාඩුයි පාඩුයි – මරික්කාර්ට ඔක්කොම පාඩුයි!

කොළඹ LNW:පසුගිය වසරේ ලාභ ඉපයූ රජයේ සමාගම් මේ වසරේදී...

ඇමරිකා එක්සත් ජනපදය සහ දකුණු කොරියාව න්‍යෂ්ටික සබ්මැරීන නිශ්පාදනයෙන් ‘ඉදිරියට යාමට’ සූදානම්….

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක...

හසීනාගේ පක්ෂයේ විරෝධතා මර්දන නඩු විභාගය අවසන්වීමටත් පෙර බංග්ලාදේශයේ ප්‍රචණ්ඩත්වය යළිත්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බලයෙන් පහ කරන...

සුවසැරිය ගිලන් රථ 500ක බලඇණියක් කිරීමට සැලසුම්!

කොළඹ LNW:නවීන තාක්ෂණය මුසුකොට සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක්...