කඩා වැටුණු මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට මහ බැංකුවෙන් පියවර!

Date:

මුදල් මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව, අසාර්ථක වූ මූල්‍ය සමාගම් පහක් ඈවර කිරීමට මහ බැංකුව තීරණය කර තිබේ.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, අසාර්ථක මූල්‍ය සමාගම් පහක් වෙනුවෙන් පුනරුත්ථාපනය කිරීමේ විකල්ප හඳුනා ගැනීම සඳහා අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා වූ උපදේශක කමිටුව පත්කරනු ලැබුවේ ඉකුත් වසරේ ඔක්තෝබර් මස ය.

මෙම සමාගම් පහ වනුයේ්‍, සෙන්ට්‍රල් ඉන්වෙස්ටමන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් ලිමිටඩ්, ඊටීඅයි ෆයිනෑන්ස් ලිමිටඩ්, ටීකේඑස් ෆයිනෑන්ස් ලිමිඩට්, ද ෆයිනෑන්ස් කම්පැනි පීඑල්සී සහ, ද ස්ටෑන්ඩර්ඩ් ක්‍රෙඩිට් ෆයිනෑන්ස් ලිමිටඩ් ය. මෙම මූල්‍ය සමාගම්වල බලපත්‍ර අවලංගු කර හෝ අත්හිටුවා ඇත.

මෙම කමිටුවෙන් අපේක්ෂා කරන ලද්දේ, උක්ත මූල්‍ය සමාගම් පහ පුනර්ජීවනය කිරීම සඳහා වූ විකල්ප තිබේ නම් ඒවා හඳුනා ගැනීම, හෝ එවන් පුනර්ජීවනයක් ශක්‍ය නොවන්නේ නම්, එම සමාගම් ඈවර කරන මෙන් නිර්දේශ කිරීමයි.

ඒ අනුව, අසාර්ථක මූල්‍ය සමාගම් පුනර්ජීවනය සඳහා වූ උපදේශක කමිටුව සිය අවසාන වාර්තාව ඉකුත් මැයි මස 31 වන දින මුදල් මණ්ඩලය වෙත ලබා දී ඇති අතර, මෙම වාර්තාව සම්පාදනය කර තිබෙන්නේ උක්ත සමාගම් පහෙන් හතරක් පුනර්ජීවනය කළ හැකි බවට විවිධ පාර්ශවයන්ගෙන් ඉදිරිපත් වූ යෝජනා ද සැලකිල්ලට ගනිමිනි. 

ඉන් අනතුරුව මුදල් මණ්ඩලය නිගමනය කර තිබෙන්නේ, උක්ත සමාගම් පුනර්ජීවනය සඳහා මෙම කමිටුවට ඉදිරිපත් කර ඇති යෝජනා ඵලදායී හෝ ප්‍රායෝගික නොවන බවයි. එම යෝජනා වල ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති හා නෛතික ප්‍රතිසංස්කරණ පවතින නියාමන රාමුව තුළ ක්‍රියාවට නැංවිය හැකි ඒවා නොවන බව ද මුදල් මණ්ඩලය නිගමනය කර ඇත.

ඒ ඇරත්, රට තුළ පවතින ආර්ථික තත්ත්වය හමුවේ, උක්ත සමාගම් පහ ගොඩගැනීම සඳහා ඵලදායී යෝජනා බලාපොරොත්තු විය නොහැකි බව ද එම කමිටුව අවධාරණය කර ඇති.

එම පසුබිම තුළයි උක්ත සමාගම් පහ ඈවර කිරීමට පියවර ගෙන ඇත්තේ.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

අපවත්වී වදාළ අතිපුජ්‍ය කොට්ටාවේ පේමරතන නාහිමිපාණෝ

කොළඹ (LNW): පන්නිපිටිය මොරකෑටිය පරම ධම්ම විහාරය දෙපානම දෙවධාර...