දේශබන්දු මාරු නොකිරීම ගැන නීතිපති යළිත් පොලිස්පතිගෙන් විමසයි !

බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට වහාම ස්ථාන මාරුවක් ලබා දෙන්නැයි නීතිපතිවරයා විසින් සිදුකළ ඉල්ලීම පැහැර හැරීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළකරමින් නීතිපතිවරයා, පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්වය පිළිබඳව පැහැදිලි කරමින් නීතිපතිවරයා දීර්ඝ ලෙස කරුණු දක්වා ඇති බවයි වාර්තා වන්නේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබා නොදීම, මැයි 09 වැනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණවල බලපෑමක් වියහැකි බව සබුද්ධික ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන බවද නීතිපතිවරයා සිය ලිපියෙන් අවධාරණය කරනවා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මාරු කිරීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස අධිකරණයද පසුගියදා නීතිපතිවරයා වෙත නියෝග කර තිබූ අතර ඒ සම්බන්ධයෙන්ද ඔහු සිය ලිපියේ සඳහන් කර තිබෙනවා.

මැයි 09 වැනිදා රටපුරා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට පාදක වූ, ගෝඨාගෝ ගම සහ මයිනාගෝ ගම විරෝධතාවලට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට අසමත්වීම සම්බන්ධයෙන් හා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන්ට ඒ සඳහා අවකාශ සැළසීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතාට චෝදනා එල්ල විය.

මෙකී චෝදනා එල්ල වූ තෙන්නකෝන් මහතාට ස්ථාන මාරුවක් ලබාදීම වෙනුවට ඔහුගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබිණි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇත්තටම ශ්‍රී ලංකාව බිඳ වැටුණේ කෙසේද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාව සැබවින්ම...

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...