විදෙස් රැකියා සඳහා යාමට අදාළ ලියකියවිලි සම්පූර්ණ කරගෙන ඇති පුද්ගලයින් සඳහා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමට වෙනම කවුන්ටරයක් විවෘත කිරීමට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා කටයුතු කර තිබේ.
බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර ප්‍රධාන කාර්යාලයේ මෙම විශේෂ කවුන්ටරය ස්ථාපිත කර ඇත.
ඒ අනුව අදාළ ලේඛන සහිත අයට සාමාන්‍ය පෝලිමෙහි නොසිට මෙම විශේෂ කවුන්ටරයට ගොස් ඉක්මනින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට හැකි බවයි අමාත්‍ය ධම්මික පෙරේරා මහතා සඳහන් කළේ.
RN