කොළඹ LNW:එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 62 වන සැසිවාරයට සමගාමීව එහි 20 වන රැස්වීම පසුගියදා පැවැත්වුණා.
ජිනීවාහි චීන නියෝජිත පිරිසේ අමාත්ය-උපදේශක Mu Jianfeng මහතා එහිදී අදහස් දක්වමින් කියාසිටියේ වෙනිසියුලාවට පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක වහාම ඉවත් කරන ලෙසයි.
වෙනිසියුලාවේ මෑතකදී ඇති වූ ප්රබල භූමිකම්පාවෙන් පසු චීනය එරට රජයට සහ විපතට පත් ජනතාවට සිය හෘදයාංගම සංවේගය පළ කළ බව ඔහු පැවසුවා.
චීනය හදිසි මානුෂීය ආධාර ලබා දෙන බවත්, වෙනිසියුලානු ජනතාවට මෙම ව්යසනයෙන් ජයගෙන හැකි ඉක්මනින් තම ජීවිත යළි නගා සිටුවීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බවත් ඔහු සඳහන් කළා.
ඇතැම් රටවල් විසින් වෙනිසියුලාව වෙත පනවා ඇති ඒකපාර්ශ්වික සම්බාධක එරට ආර්ථික හා සමාජීය සංවර්ධනයට සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමේ උත්සාහයන්ට දැඩි ලෙස බාධා කර ඇති බවත්, වෙනිසියුලානු ජනතාවගේ මූලික මානව හිමිකම්වලට එය බරපතල ලෙස බලපා ඇති බවත් සඳහන් කළ හෙතෙම ඒවා වහාම ඉවත් කළ යුතු බවත් අවධාරණය කළා.
දිනුෂි ධීරසිංහ


