රෂිකා හෙන්නායක ජුනි 29, කොළඹ LNW :
ශ්රී ලංකාවේ ළමා ශ්රම සූරාකෑම වැළැක්වීම සඳහා වන දඬුවම් දැඩි කිරීමට රජය නව පියවරක් ගෙන ඇත.
ඒ අනුව, වයස අවුරුදු 18 ට අඩු දරුවන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් දැනට පවතින රුපියල් 10,000 ක දඩය රුපියල් 100,000 දක්වා ඉහළ නැංවීමට යෝජනා වී ඇත.
මීට අමතරව, වරදකරුවන් වන පුද්ගලයන්ට වසරක සිරදඬුවමක් නියම කිරීමට අදාළ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මෙම දැඩි ක්රියාමාර්ග දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට අත්යවශ්ය බව බොහෝ දෙනා විශ්වාස කළත්, නීතිය ක්රියාත්මක කිරීමේ යාන්ත්රණය පිළිබඳව ඇතැම් පාර්ශ්ව ගැටලු මතු කරයි.
දඩ මුදල් ඉහළ නැංවීම පමණක් ළමා ශ්රමය තුරන් කිරීමට ප්රමාණවත් දැයි මෙහිදී සාකච්ඡාවට බඳුන් වේ.


