කඩුවෙල ප්‍රදේශයේ සති කිහිපයක සිට කුණු එකතු නොකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා..

රෂිකා හෙහෙන්නායක ජුනි 29, කොළඹ LNW :

කොළඹ දිස්ත්‍රික්කයේ කසළ කළමනාකරණය අඩපණ වීම හේතුවෙන් ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇති අතර, විශේෂයෙන්ම කඩුවෙල ප්‍රදේශයේ සති කිහිපයක සිට කුණු එකතු නොකිරීම පිළිබඳව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

නගරාධිපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ ඒවා ඉවත් කිරීමට පියවර ගනිමින් සිටින බවයි.

වැසි සහිත කාලගුණය හමුවේ ගොඩගැසී ඇති අපද්‍රව්‍ය මඟින් රෝග වාහක මදුරුවන් බෝවීම වේගවත් වී ඇති බැවින් මහජනතාව දැඩි සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී සිටිති.

පුද්ගලික මට්ටමින් වටපිටාව පිරිසිදුව තබා ගැනීමට ජනතාව උත්සාහ කළද, මහා පරිමාණ කසළ ඉවත් කිරීමේ රාජ්‍ය වගකීම පැහැර හැරීම මෙම අර්බුදය තීව්‍ර කර ඇති බව ජනතාව පවසයි. වැසි සහිත කාලගුණය සමඟ ඇතැම් ස්ථානවල කැළි කසළ වැසි ජලය සමඟ මිශ්‍ර වෙමින් පවතින බවද ඔවුන් පවසති.

එබැවින් වසංගත තත්ත්වයක් පාලනය කිරීම සඳහා පළාත් පාලන ආයතන කඩිනමින් මැදිහත් විය යුතු බව අවධාරණය කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිබර් ආරක්ෂණ අවදානමක් හේතුවෙන් ලොව පුරා වෙබ් අඩවි රැසක් තාවකාලිකව අක්‍රිය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : අන්තර්ජාලයේ...

අඩු පීඩන කලාපය හේතුවෙන් ප්‍රදේශ රැසකට තද වැසි – කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය...

හූනියම් කරලා ජනපති අනුරව ඝාතනය කිරීමට සැලසුම් කරන භික්ෂූන්ට එරෙහිව පියවර ගන්න – මාලිමාවේ ගීතිකා ආරක්ෂක අංශවලින් ඉල්ලයි

විහාරමහාදේවී උද්‍යානයට රැස්ව සිටින භික්ෂූන් ඇතුළු පිරිසක් යාතුකර්ම, බලි...

ප්‍රංශයේ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ට්‍රම්ප් ඇතුළු විදේශීය නායකයන්ගේ ප්‍රකාශ මැක්‍රොන්ගේ දැඩි විවේචනයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 22 : ජීවන...