ජර්මනියේ ස්ටේඩ් නගරයේ වෙඩි තැබීමක්: පස්දෙනෙක් මියයති!

රෂිකා හෙන්නායක ජුනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ජර්මනියේ ස්ටේඩ් (Stade) නගරයේ පිහිටි යෞවන සුභසාධන මධ්‍යස්ථානයක සිදු වූ බිහිසුණු වෙඩි තැබීමක් පිළිබඳව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

මෙම ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති නමුත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති අතර, අදාළ ප්‍රදේශයෙන් බැහැරව සිටින ලෙස බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

හදිසි සහන සේවා කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇති අතර මේ වන විටත් විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවෙමින් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...