ජපන් ගිය ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් හැරී එයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මගීන් 301 දෙනෙකු සමග “ඒ  330 – 300” එයාර් බස් වර්ගයේ ගුවන් යානය ඊයේ රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් ජපානයේ නරීටා බලා පිටත් වු ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා ඇත.

කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02යි විනාඩි 25ක පමණ කාලයකට පසු යානය නැවත ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වු බව වාර්තා වේ.

පසුව ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමුකිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...