මර්වින්ගේ ආගමනයට බයේ රාජ්‍ය ඇමති තමන්ටම ගහගෙන ?

එක්තරා රාජ්‍ය ඇමති කෙනෙකුගේ ගෙදරට නාඳුනන පිරිසක් පහරදීලා කියලා ප්‍රවෘත්තියක් පහුගිය දවස්වල මාධ්‍යවල පළවුණා.

මේ රාජ්‍ය ඇමතිවරයා “මිරිස් කුඩු” සම්බන්ධයෙන් ප්‍රසිද්ධ මැර ටයිප් එකේ කෙනෙක්. ගහලා තිබුණේ එයා පදිංචි ගෙදරට නෙවෙයි. දැනට වහලා දාලා මුරකරුවෙක් විතරක් යොදලා ඉන්න ගෙදරකට.

නමුත් ඉතින් මෙයාගේ ටයිප් එකේ හැටියට වගේම දැනට රාජ්‍ය ඇමති බලතලත් තියෙන තත්වයක් යටතේ ඔය ගෙදරට ගැහුවේ කවුද කියන ප්‍රශ්නය කාටත් මතුවෙලා තිබුණා.

අපට ආරංචි වෙන හැටියට නම් ඒ ගෙදරට ගහලා තියෙන්නෙ වෙන කවුරුවත් නෙවෙයි එයාම ලු.

හිටපු ඇමති මර්වින් සිල්වා අලුත් දේශපාලන ව්‍යාපාරයකුත් හදාගෙන ජුලි 08 වෙනිදා ආයෙත් කැළණියෙන්ම වැඩ පටන් ගන්න ඉන්නවා කියන ආරංචියට බයවෙලා රාජ්‍ය ඇමතිවරයා ඔය වැඩේ කෙරුවා කියලා තමයි තතුදත් අය කියන්නේ.

ඔය අස්සේ වෙනම වැඩකුත් යනවා කියලා ආරංචියි, ඒක වෙනම වෙලාවක කියන්නම් ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපද මධ්‍යකාලීන මැතිවරණය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : 2026 එක්සත් ජනපද...

නාමල්ට එරෙහිව අධිචෝදනා!

කොළඹ LNW:එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ...

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ලූලාගේ නැවත ජයග්‍රහණය: බ්‍රසීලයේ දේශපාලනික හැරවුම් ලක්ෂය

ජනපතිගේ උණුසුම් සුබපැතුමට ලූලාගේ ස්තූතිය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 27, කොළඹ LNW : බ්‍රසීල ජනාධිපති ලුයිස්...