රට තුළ ගෑස් හිඟයක් නෑ – ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  රට තුළ ගෑස් හිඟයක් ඇති බවට විවිධ ප්‍රචාර පැතිර ගියද වෙළෙඳපොළේ කිසිදු ගෑස් හිඟයක් නොමැති බව ලාෆ්ස් ගෑස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නලින්ද කුරුකුලසූරිය මහතා පවසයි.

ඉදිරියේ දී මිල සංශෝධනයක් කරන්න අවශ්‍ය වුවහොත් එය සිදුකර පාරිභෝගිකයාට එහි වාසිය ලබාදෙන බවත් කී ඒ මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් දැක්වීය .

“මේ කාලයේ අපිට පැමිණි රාශියක් ලැබෙනවා වෙළෙඳපොළෙන් බෙදාහැරීම් නියෝජිතයින්ගෙන්, හොට් ලයින් එකෙන් කස්ටමස්ලා අහනවා ගෑස් නැද්ද ? ගෑස් නැද්ද ? හිඟයක් තියෙනවා නේද ? කියලා. අපිට විසඳගන්න බැරි තරම් ප්‍රමාණයක් කෝල් එනවා. අපිට තියෙනවා නැව් වල එන ගෑස් හම්බන්තොට පර්යන්තයේ ප්‍රමාණවත් තොග මේ වෙනවිට රැස් කරලා තියෙනවා. ඒ වගේම මාබිම තියෙනවා අපේ තොග පර්යන්තයක් එතනත් ප්‍රමාණවත් ගෑස් අපි ළඟ තියෙනවා. මේ දෙකේම රටට අවශ්‍ය තරම් ප්‍රමාණවත් මාසයක අවශ්‍ය ගෑස් අපි ළඟ තියෙනවා. ඒ නිසා මෙතැන ගෑස් හිඟයක් ඇති වීමට කොහෙත්ම හේතුවක් නෑ. අපි වීර්යයක් දරනවා රට තුළ පාරිභෝගිකයාගේ ගෑස් හිඟයකින් තොරව ඉදිරි කාලයේ ඒ සේවාව ලබාදීම සඳහා.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ යුද්ධ හමුදාපති!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : ඔක්තෝබර් 10 වැනි...

අද සිකුරාදා චාමර සම්පත් අල්ලස් කොමිසමට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අල්ලස් හෝ දූෂණ චෝදනා...

‘ෆෝට් හුඩ්’ ප්‍රහාරකයාගේ මරණ දඬුවම මහජනතාවට සජීවීව නැරඹීමට ඇමරිකානු ආරක්ෂක ලේකම් අවස්ථාව සලසයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 09 : ඉතිහාසයේ...

චීවරයට මුවා වූ දුදනෝ කිසිදා නොවෙති යහපත්:විජිත හිමිගේ කතා පුවත ලොවට කී කතාව!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 09, කොළඹ LNW : මෙල්බර්න් නුවර පිහිටි...