*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් රට බරපතල අර්බුදයකට – වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව

කොළඹ LNW:දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයෙන් ඉදිරියේදී බලපතල අර්බුදයකට රටට මුහුණ දීමට සිදුවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහත පවසයි.

දින පහක් බැංකු නිවාඩු දී ආණ්ඩුව කරන්න යන දේ සම්බන්ධයෙන් ජනතාව භීතියකට පත්ව සිටින බව ඔහු පවසයි.

”රටේ ජනතාව භීතියට පත්වෙලා ඉන්නවා රටේ බැංකු පද්ධතිය දවස් පහක් තිස්සේ වසා දමලා ආණ්ඩුව විතරක් දන්නා මේ කරන්න යන වැඩේ මොකක්ද කියල හිතාගන්න බැරුව. රටේ මහජනතාවගේ මුදල් සම්බන්ධයෙන් වැඩකරන ජනතාවගේ ,වෘත්තිකයින්ගේ මුදල් සම්බන්ධයෙන් මේ වෙන විට බරපතල ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීලා තියෙන්නේ. ආණ්ඩුව කිසිම දෙයක් නොකියා හතර පස් දෙනෙක්ගේ වුවමනාවට මේ කරන්න යන වැඩේ හරහා වෘත්තිකයින්ට මෑත කාලයේ නැති වුණත් ඉදිරි කාලයේදී බරපතල විදිහේ බලපෑම් එල්ල වෙනවා. මේ රටේ තරුණයින්ට මේකෙන් බරපතල බලපෑම් එල්ල වෙනවා. සමහර විට කරන්න යන ප්‍රතිශත සංශෝධන හරහා EPF එකට කරන්න යන දේවල් හරහා අනිවාර්යෙන් ගැටලුවකට පත්වීමට නියමිතයි. මේ වෙන විට බදු ගැටලුවට මුහුණ දීලා කබලෙන් ලිපට වැටෙනවා මේ කරන්න යන ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන්.

මේ වෙනකොට පෙන්න තියෙනවා රෝහල්වල වෛද්‍යවරු නැහැ. ඉදිරියේදී අපට සමහර විට නිර්වින්දන වෛද්‍යවරයෙක් නැතුව සැත්කමක් කරන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සැත්කමක් නොකර දිගටම නිර්වින්දනය වෙලා ඉන්න පුළුවන්. ඒ තැනට තමයි මේ ආණ්ඩුව මේ ගෙනියන්නේ. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විදිහට ඉදිරි සතිය තුළ විධායක සභාව සමඟ සාකච්ජා කර මේ සඳහා කඩිනම ක්‍රියාමර්ග ගන්න අපි මැදිහත්වෙනවා.” යනුවෙන් ඉලංගසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan