*
Tuesday, July 2, 2024
spot_img

Latest Posts

රට ගොඩගන්න නම් රාජ්‍ය පාලනය තුළ පුරවැසි සහභාගීත්වය වැඩිකළ යුතුයි – විපක්ෂ නායක සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

පුරවැසියන් සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කිරීම සඳහා දැනුම වර්ධනය කිරීම වැදගත් බවත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ ලක්ෂ 220ක් ජනතාව රටේ තාවකාලික බාරකාරීත්වය මහජන නියෝජිතයන්ට ලබා දෙන බවත් පුරවැසියාගේ වගකීම යනු මහජන නියෝජිතයින් බිහිකර ඔවුන්ට රට කරගෙන යන්න කියා තමන්ගේ වැඩක් බලාගෙන සිටීම නොවන බැවින් ඊට වඩා ප්‍රබුද්ධ ප්‍රශස්ත සහභාගීත්ව රාජ්‍ය පාලනයකට යොමු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රාජ්‍ය පාලනයක දී පුරවැසි මතය, පුරවැසි හඬ, යෝජනා හා අදහස් අතිශය වැදගත් බවත් ඔහුට දේශපාලන සාක්ෂරතාව මෙන්ම ආර්ථික, සමාජීය දත්ත සම්බන්ධයෙන් ද උසස් දැනුමක් තිබිය යුතු බවත් පොදුවේ ගත් කල ප්‍රධාන මාතෘකා ගැන හොඳ දැනුවත්වීමකින් කටයුතු කිරීමට හැකිවිය යුතු බවත් එවිට තාවකාලික බාරකාරත්වය දරන කණ්ඩායම් ද වගකීමෙන් හා වගවීමෙන් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

තාවකාලික බාරකරුවන්ගේ ක්‍රියාකාරකම් සොයා බැලීම පුරවැසියා විසින් සිදු කළ යුතු බවත් එහි දී සංවරණ සහ තුලන තිබිය යුතු බවත් එසේ නොමැතිව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ වසර 5කට කතිර ගසා ඔහේ රට බාර දුන් සංස්කෘතිය වෙනස් කර සහභාගීත්ව රාජ්‍ය පාලනයක්, ජනතා කේන්ද්‍රීය හා ජනතා නායකත්වය තුළ ක්‍රියාත්මක රාජ්‍ය පාලනයක් ඇති කළ යුතු බවත් එවිට ගරාවැටුණු කඩාවැටුණු දේශය ගොඩනැගිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 267 වැනි අදියර යටතේ කළුතර, බණ්ඩාරගම, මිල්ලනිය, පරගස්තොට විද්‍යාලෝක මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

රාජ්‍ය පාලනය සඳහා පුරවැසි සහභාගීත්වය වර්ධනය කිරිමට නම් පාසල් පද්ධතියේ ඌනතා මගහරවා දැනුමින් පරිපූර්ණ සමාජයක් ගොඩ ගත යුතු බවත් සෘජු විදේශ ආයෝජකයන්ට අවශ්‍ය ශ්‍රම බලකාය රට තුල නොමැති නම් සෘජු විදේශ ආයෝජන ගැන කතා කර ඵලක් නොමැති බවත් මේ සඳහා අවශ්‍ය නිපුණතාවෙන් හෙබි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් රට තුළ නිර්මානය විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

රටේ උත්තරීතර ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මූලික අයිතීන් වන්නේ සිවිල් හා දේශපාලන අයිතිය වුවත් මෙය පුළුල් ලෙස නිර්වචනය විය යුතු බවත් මේ සඳහා ආර්ථික, සමාජීය, ආගමික, සංස්කෘතික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය ද ඇතුළත් විය යුතු බවත් සක්වල හා හුස්ම වැඩසටහන් යනු මේ මූලික අයිතිය ආරක්ෂා කර ගැනීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවදුරටත් අහිමි කර ගත් පරම්පරා බිහි නොකර නිවැරදි ගමනක් යාමට එක්වන ලෙසත් විවිධ පෞද්ගලික අභිමතාර්ථ ගැන නොසිතා රට ගැනත් දරුවන් ගැනත් සිතන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan