රංගේ බණ්ඩාරගේ පුතා ඇප මත නිදහස්. නඩුව ලබන අවුරුද්දට කල්යයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රිය අනතුරක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන සිටි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත්‍රයා වන යශෝධ රංගේ බණ්ඩාර ඇප මත නිදහස් කර තිබේ.

ඊයේ (29) අළුයම 04.30 ට පමණ යශෝධ රංගේ බණ්ඩාර පැදවූ මෝටර් රථය කරුවලගස්වැව 07 කණුව – මී ඔය ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබිණි.

අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත.

කරුවලගස්වැව පොලීසිය විසින් අත් අඩංගුවට ගත් යශෝධ රංගේ බණ්ඩාරව ඊයේ පස්වරුවේ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර එහිදී ඔහුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදාහැර ඇත.

ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද අධිකරණය නියෝග කර තිබේ.

නඩුව 2025 මාර්තු 25 වනදා යළි කැඳවීමට නියමිත ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...