රාජපක්ෂවාදයේ ඉරණම සහ අනාගතය ….

Date:

රාජපක්ෂවාදය ස්වකීය දේශපාලන කේන්ද්‍රය ලෙස භාවිතාකලේ ජාතිකවාදයයි.. ජාතිකවාදය යැයි කීවාට එය ජාතිවාදයම විය.. ජාතික ආර්ථිකය, බටහිර විරෝධය , සිංහල බෞද්ධවාදය සහ අතීතකාමය එහි අන්තර්ගතයන් විය..

එක මොහොතක රට බංකොලොත් ඉමකට ඇදී යන්නේද එකී දේශපාලන ප්‍රතිපත්ති වල අනිවාර්ය තාර්කික ගතික පලයක් ලෙසය.. ඒ මොහොතේ එකී බංකොත්බාවයත් සමඟ රටපුරා සුනාමියක් සේ මතුවූ රාජපක්ෂ විරෝධයට පිළියමක් ලෙස රාජපක්ෂලා තෝරාගත්තේ ඔවුන්ගේ ප්‍රතිප්පත්තිවලට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තියක සිටි රනිල්වය..

රනිල් නායකත්වයට කැඳවීම තුල රාජපක්ෂවරු සුරක්ෂිතවූ අතර බංකොලොත් අර්බූදයද යම් දුරකට සමහන් විය.. නමුත් ජාතිකවාදය සිය දේශපාලන කේන්ද්‍රය කරගෙන සිටි රාජපක්ෂවාදය ඊට සපුරාම වෙනස් දේශපාලන ආර්ථික ප්‍රතිපත්තියකට සහය දීමට සිදුවීම නිසා රාජපක්ෂවාදය ක්‍රමයෙන් ඉරිතලා දුර්වල වන්නට විය…

එය යතාර්තයකි..උග්‍ර ජාතිකවාදී බලවේගයකට එයට ඉඳුරාම වෙනස් ප්‍රතිපත්තියක සිටින නායකයෙකුට සහය දීමට සිදුවීම තම දේශපාලන මරණය අත්පත් කරගැනීමකි..

මේ පසුබිම තුල බොහෝ ජාතිකවාදී කොටස් රාජපක්ෂවරු අතහැර මාළිමාව වෙත ඇදින..

මේ තත්වය මත දැන් රාජපක්ෂවරු රනිල්ව හලා තනිව සිය ජාතිකවාදී කඳවුර ශක්තිමත් කරගැනීමට සැරසේ.. එහිදී මෙවර ජනාධිපතිවරණය සඳහා ඔවුන් ඔවුන්ගේ පොහොට්ටු අපේක්ෂකයෙක් දැමීමට ඉඩ ඇත.. එහිදී ඇතිවන අනිවාර්ය පරාජය මත ඔවුන්ට ඇති ප්‍රසිද්ධ දූෂණ චෝදනා මත බරපතල අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවෙනු ඒකාන්තය.. එසේම පරාජයේ අතුරු පලයක් ලෙස බලය රහිත වන ඔවුන් නැවත මතුවෙන මහජන කෝපයේ ගොදුරක්ද විය හැකියි.. එදාට ඔවුන් ආරක්ෂා කිරීමට රනිල්ද නැත..

නමුත් ඊළඟට පත්වන ආන්ඩුවේ අසාර්ථකත්වය මත ජාතිකවාදී බලවේගයක් ලෙස අනාගත දිනෙක ඔවුන් නැවත බලයට පත්වීමද මේ දූපතේ ඉරණමයි.. මන්ද ඊනියා ජාතිකවාදයට රාජපක්ෂවාදය තරම් ජාඩියට මූඩිය සේ පෑහුන වෙනත් බලවේගයක් තිබී නැත…

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...

ජොන්ස්ටන් ඇතුළු පිරිසට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : රක්ෂිත බන්ධනගාරගතව...

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...