රනිල්ගේ මාතර රැලියේදීත් ගැටුම කරළියට. නිවේදකයාව සාගර බස්සලා, ප්‍රසන්න යළි නග්ගලා !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ රැලියක් “එක්ව ජයගමු” කියන තේමාවෙන් මේ වෙද්දී මාතර කොටුව ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් තියෙනවා.

අද (30) පස්වරු 02.00 ට ආරම්භ වුණු මේ රැලියට පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්වෙලා ඉන්නවා. මේ රැලිය සංවිධානය කළේ ඇමති කංචන විජේසේකර.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැලියේ නිවේදන කටයුතු කරන්න ගෙන්වලා තියෙන්නේ පොහොට්ටු රැස්වීම්වල නිවේදන කටයුතු කරන නුවන් තාරක ව. ඔහු නිවේදන කටයුතු පටන් අරගෙන කරගෙන යද්දී හදිසියේම දුරකථන ඇමතුමක් ඇවිත්. ඒ, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගෙන් ලු. වහාම නිවේදන කටයුතු නවත්තලා ඔතනින් අයින් වෙලා යන්න කියලා සාගර නිවේදකයාට කියලා ලු.

ඒක අහපු නිවේදකයා වැඩේ නවත්තලා බැහැලා යද්දී ඇමති ප්‍රසන්න රණතුංග ඕක දැකලා. ප්‍රසන්න ඇවිත් මොකද යන්නේ කියලා අහපුවාම නිවේදකයා විස්තරේ කියලා ලු.

ඊටපස්සේ ප්‍රසන්න දුරකථන ඇමතුමක් අරගෙන “ඔයා මේ නොදන්න වැඩ කරන්න හදන්න එපා. මේක අපියි බැසිල් මැතිතුමායි ඔක්කොම කතා කරලා කරන වැඩක්” කියලා සාගරට කියලා, ආපහු අර නිවේදකයාව වේදිකාවට නැග්ගුවා ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තාමත් ගම්වල බලය තියෙන්නේ ප්‍රභූ පන්තිය අතේ. ජනතාවට බලය දෙන්නයි අපි ප්‍රජා ශක්ති ගේන්නේ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ රජය විසින් "ප්‍රජා...

ආසියානු රයිෆල් සහ පිස්තෝල වලදී, ලාංකේය ඉලක්ක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මත පතිත වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: ඉන්දියාවේ නවදිල්ලි නුවර 2026...

වැසි තත්වයේ වෙනසක් – අද (12) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 12) දිනයේදී මධ්‍යම, ඌව,...

ජනපතියි අපියි මේ රට නිසැකවම ලෝකයේ බලවත්ම රාජ්‍යයක් කරනවා. T20 සිද්ධියෙනුත් පෙනුනේ ඒකයි – මන්ත්‍රී ලාල්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු වත්මන් ආණ්ඩුව විසින්...