රනිල්ගේ මාතර රැලියේදීත් ගැටුම කරළියට. නිවේදකයාව සාගර බස්සලා, ප්‍රසන්න යළි නග්ගලා !

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ රැලියක් “එක්ව ජයගමු” කියන තේමාවෙන් මේ වෙද්දී මාතර කොටුව ක්‍රීඩාංගනයේ පැවැත්වෙමින් තියෙනවා.

අද (30) පස්වරු 02.00 ට ආරම්භ වුණු මේ රැලියට පොහොට්ටුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් විශාල පිරිසක් එක්වෙලා ඉන්නවා. මේ රැලිය සංවිධානය කළේ ඇමති කංචන විජේසේකර.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ රැලියේ නිවේදන කටයුතු කරන්න ගෙන්වලා තියෙන්නේ පොහොට්ටු රැස්වීම්වල නිවේදන කටයුතු කරන නුවන් තාරක ව. ඔහු නිවේදන කටයුතු පටන් අරගෙන කරගෙන යද්දී හදිසියේම දුරකථන ඇමතුමක් ඇවිත්. ඒ, පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම්ගෙන් ලු. වහාම නිවේදන කටයුතු නවත්තලා ඔතනින් අයින් වෙලා යන්න කියලා සාගර නිවේදකයාට කියලා ලු.

ඒක අහපු නිවේදකයා වැඩේ නවත්තලා බැහැලා යද්දී ඇමති ප්‍රසන්න රණතුංග ඕක දැකලා. ප්‍රසන්න ඇවිත් මොකද යන්නේ කියලා අහපුවාම නිවේදකයා විස්තරේ කියලා ලු.

ඊටපස්සේ ප්‍රසන්න දුරකථන ඇමතුමක් අරගෙන “ඔයා මේ නොදන්න වැඩ කරන්න හදන්න එපා. මේක අපියි බැසිල් මැතිතුමායි ඔක්කොම කතා කරලා කරන වැඩක්” කියලා සාගරට කියලා, ආපහු අර නිවේදකයාව වේදිකාවට නැග්ගුවා ලු.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Badshah සියල්ල අතහැර ස්විට්සර්ලන්තයට යාමට සිතුවේ ඇයි?

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියානු රැප්...

ගාසා තීරයේ රෆා දේශසීමාව ගැන ඊශ්‍රායලයේ තීරණය!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය හා...

දිලීප පීරිස් රනිල්ගේ නීතීඥවරයකුගේ කනිෂ්ඨයෙකු සමග හදිසියේ තිරුපති ගිහින් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මීට දින කිහිපයකට...

ඇතැම් ප්‍රදේශවලට මිමී 50ක පමණ තරමක් තද වැසි – අද (26) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 26) දිනයේදී උතුරු, උතුරු-මැද,...