වැඩබලන නීතිපති දිවුරුම් දීම හෙට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා වැඩබලන නීතිපතිවරයා වශයෙන් හෙට (01) දිනයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා හෙට දිනයේදී අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇති බව සඳහන්.

හිටපු නීතිපති සංජය රාජරත්නම් මහතා ජුනි 26 වනදා සිට විශ්‍රාම යාම හේතුවෙන් නීතිපති ධුරය පුරප්පාඩු වී තිබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාරින්ද රණසිංහ මහතාව වැඩබලන නීතිපතිවරයා වශයෙන් පත්කර ඇති අතර ඒ මහතාව නීතිපති ධුරයට පත්කිරීමේ නිර්දේශය ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත යොමුකිරීමට නියමිත ය.

පාරින්ද රණසිංහ මහතා මෙරට හිටපු අගවිනිසුරුවරයෙකු වන කේ. ඒ. පාරින්ද රණසිංහ මහතාගේ පුත්‍රයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...