( Video )අපි ගාව ආදේශන නෑ මෙක රැකපු මිනිහට රකින්න දෙන්න – හරීන්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 30, කොළඹ (LNW):

ජනතාව නිවැරදි වෙලාවෙදි නිවැරදි තීන්දු ගත යුතු බවත් , සමගි ජන බලවේගයට, ජාතික ජන බලවේගයට වෙන විකල්ප, ආදේශක නම් තිබිය හැකි නමුත් , රටට වෙනත් විකල්ප නොමැති බව සංචාරක, ඉඩම් , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි .

ඒ අනුව එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් , එම නිසා ඉදිරි වසර 05 සඳහා රට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීම ජනතාවට බාර බවත් කියා සිටියේය.

ඔහු මේ බව පවසා සිටියේ “එක්ව ජයගමු – අපි මාතර” මැයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් සංවිධානය කර තිබු මෙම ජන හමුවට සහභාගි වෙමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් පැවසුවේ ,

” ශ්‍රී ලංකාව කියන නැව මුහුදේ කුණාටුවකට හසුවී බේර ගන්න කිසිම කපිතාන් කෙනෙක් ඉදිරිපත් නොවූ වෙලාවෙදි , රනිල් වික්‍රමසිංහ කියන කපිතාන්වරයාට ඒ නැව බාරගෙන නිරුපද්‍රිතව වරායට ගෙන ඒමට හැකි වුණා. දැන් මේ තියෙන්නේ ඉදිරි වසර පහ සඳහා නැවත මුහුදට දියත් කිරීමේ වෙලාවයි. එම නැවේ කපිතාන් තනතුර නැවත රනිල් වික්‍රමසිංහ මහතාටම ලබා දීමට ඔබට හැකියාව තිබෙනවා. ඒ කළගුණ සැලකීම වෙනුවෙන් ඔබ බලාගෙන සිටිනවා .

ඉදිරියට තිබෙන වසර පහ දීලා බලමු සංකල්පයෙන් ඔබලාගේ ඡන්දය භාවිතා කළහොත් මේ රට යළි විනාශවීම වළක්වන්න බැහැ . මේ රට බේරගන්න පුළුවන් නායකයත්, විනාශ කරන්න පුළුවන් නායකයත් තෝරා ගත හැක්කේ මේ රටේ ජනතාවට පමණයි . එම නිසා ජනතාව නිවැරදි වෙලාවෙදි නිවැරදි තීන්දු ගත යුතුයි. සමගි ජන බලවේගයට, ජාතික ජන බලවේගයට වෙන විකල්ප, ආදේශක නම් තියෙන්න පුළුවන්. නමුත් රටට වෙනත් විකල්ප නැහැ. එකම විකල්පය රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. එම නිසා ඉදිරි වසර 05 සඳහා රට රනිල් වික්‍රමසිංහ මහතාට බාර දීමත් ඔබට බාරයි. අද මාතරින් ආරම්භ කළ ජනරැළිය ජයග්‍රහණයකින් කෙළවර කරමු” ලෙස පැවසීය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හදිසියේ රාජිත ලෙඩවෙයි: හේතු කියන්න නීතිඥවරයෙක් අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක ජූනි 02, කොළඹ LNW :  අද(2) දින හිටපු ධීවර...

චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ...

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට ගැනීමට අවසර

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත...

රත්නපුර ගැන සුගත්ගේ අවධානය

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: රත්නපුර දිස්ත්‍රික්කයෙහි යෝජිත පළාත්...