ඇමරිකාව සමග වෙළඳ ගනුදෙනු සිදු කරන රටවලට චීනයෙන් අනතුරු ඇඟවීමක්!

Date:

කොළඹ LNW:ඇමරිකාව සමග වෙළඳ ගිවිසුම් ඇති කර ගැනීමේදී චීනයේ අයිතිවාසිකම්වලට හානි කරමින් තීරුබදු සහන ලබා ගැනීමට යම් රටක් උත්සාහ කරන්නේ නම්, චීනය එයට දැඩි ලෙස විරුද්ධ වන බව චීන වාණිජ අමාත්‍යංශය පවසනවා.

ඇමරිකාව මේ දිනවල වෙනත් ආර්ථිකයන් සමග සිදු කරන වෙළඳ සාකච්ඡා පිළිබඳ අදහස් දක්වමින් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේ එවැනි වාතාවරණයක් නිර්මාණය වුවහොත්, චීනය එය නොපිළිගන්නා බවත් සිය නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි ප්‍රති-පියවර ගන්නා බවයි.

පසුගිය අප්‍රේල් මාසයේ සිට ඇමරිකාව සිය වෙළඳ හවුල්කරුවන්ට එරෙහිව “අන්‍යෝන්‍ය තීරුබදු” පනවමින් ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මෙය බහුපාර්ශ්වික වෙළඳ පද්ධතියට බරපතල හානියක් වන අතර, ජාත්‍යන්තර වෙළඳාමේ සාමාන්‍ය තත්ත්වය කඩාකප්පල් කිරීමක් බවයි චීනය පවසන්නේ.
එමෙන්ම චීනය සෑමවිටම මෙවැනි ක්‍රියාවලට විරුද්ධ වන බවත් සඳහන් කර තිබෙනවා.

ඇමරිකාව සමග පවතින වෙළඳ මතභේදයන් නිරාකරණය කර ගැනීමට වෙනත් රටවල් ගන්නා උත්සාහයන් චීනය පිළිගත්ත ද, සියලු පාර්ශ්වයන් සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින්නැයි චීනය ඉල්ලීමක් කර සිටිනවා. එමෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීතිරීති මෙන්ම බහුපාර්ශ්වික වෙළඳ පද්ධතිය ආරක්ෂා කරන ලෙසයි චීනය සියලු රටවලින් ඉල්ලා සිටින්නේ.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුණාටුවෙන් බලපෑමක් නැහැ.නිෂ්පාදන හා සේවා ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකයට අනුව 2025 දෙසැම්බර් මාසයේ...

අපි දකින ලෝකය වත්මන් ආණ්ඩුව දකින ලෝකයට වඩා ගොඩක් වෙනස්: නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක ජනවාරි 19, කොළඹ LNW : රටක් ලෙස නවීකරණය...

මොඩියුල ප්‍රශ්නය – ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි !

ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය දර්ශන සමරවීර...

කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු...