Shefali Jariwalaගේ හදිසි වියෝවට හේතුව හෙළිවෙයි !

0
804

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW :

පසුගිය සිකුරාදා (27) 42 වියැති ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන ෂෙෆාලි ජරිවාලා ඇගේ නිවසේදී මිය ගොස් තිබේ.

මුම්බායි පොලිස් වාර්තා අනුව ඇය නිවසේ දී ඇද වැටී ඇති අතර නළුවෙකු වන සැමියා ඇය රෝහල්ගත කර ඇත. නමුත් රෝහලට ගෙන එන විටත් ඇය මියගොස් තිබු බව සඳහන්. මියයාමට හේතුව හදිසි හෘදයාබාධයක් බවයි පැවසෙන්නේ.නිරහාරව සිට ඇති ඇය වයස්ගතවීම වැලැක්වීමේ එන්නතක්ද ලබාගෙන තිබු බව වෛද්‍යවරු අනාවරණය කර තිබේ. රුධිර පීඩනයේ පහළ වැටීමක් සිදුව ඇති බවද ඔවුන් කියති.

කෙසේ වෙතත්, සිනමාපට 13ක් සහ ඉන්දීය රියැලිටි වැඩසටහන්වල පෙනී සිටි ඇයගේ වියෝව ඉන්දියානු ලෝලීන් කම්පනයට පත්කර ඇත.